අලුත් ගැජට් එකක් හදලා තත්පරයකට 10Gb ධාරිතාවයකින් යුක්ත වේගයකින් නොමිලේ ඉන්ටනෙට් ගිය ලංකාවේ සුපිරි වැඩකාරයෙක් අත්තඩංගුවට


අලුත් ගැජට් එකක් හදලා තත්පරයකට 10Gb ධාරිතාවයකින් යුක්ත වේගයකින් නොමිලේ ඉන්ටනෙට් ගිය ලංකාවේ සුපිරි වැඩකාරයෙක් අත්තඩංගුවට
වසර ගණනාවක සිට ලංකාවේ අන්තර්ජාල සේවා සැපයුම් කරුවන්ගේ රේඩියෝ සංඛ්‍යාත ජාලවලට අනවසරයෙන් ඇතුළුවී අන්තර්ජාලය ලබා ගත් මිගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට පත්වී ඇත.
පසුගිය සතියේ අන්තර්ජාල සේවා සැපයුම් සමාගමටකට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව පොලිසිය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු බොහෝ කාලයක් තිස්සේ වංචා සහගත ලෙස 10Gbps අධි ධාරිතාවයකින් යුක්ත වේගයකින් අසීමිත ලෙස අන්තර්ජාලය භාවිතා කොට DVD ජාවාරමක් පවත්වා ගෙන ගොස් ඇති බවට අනාවරණය කොට ගෙන ඇත.
තවද මොහු DVD විශාල තොග වශයෙන් අප්‍රිකානු රටවලට අපනයනය කොට ඇති බව ප්‍රශ්න කිරීම් වලදී සොයාගෙන ඇත. මේ වන විට අන්තර්ජාල වංචාව සඳහා විදේශ රටවලින් ආනයනය කල ඉලෙක්ට්‍රොනික උපාංග, ඇන්ටනා සහ පරිගණක කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත. පොලිසිය විසින් තවදුරටත් පරීක්ෂණ කටයුතු මෙහෙයවමින් සිටී.

0 comments