ඉතාලියෙන් ලෝකයට දායාද කල ෆෙරාරි මෝටර් රථ
ලංකාවේ මෑතකදී වැඩි වශයෙන් කතාබහකට ලක්වූ මෝටර් රථයක් විදියටත් ෆෙරාරි මෝටර් රථය හදුන්වන්න පුළුවන්. මොකද ලංකාවේ මෑතක් වෙනතුරුත් ෆෙරාරි මෝටර් රථ හිමිකරුවන් සිටියේ තුන්දෙනෙක් පමණයි. පසුගිය අවුරුද්ද අග භාගයේදී පුවත් මවමින් ලංකාවට සිව්වන ෆෙරාරි රථය ගෙන්වනු ලැබුවා. ලංකාවේ වගේම ලෝකයේ ධනවතුන් අතරත් ඉතා ප්‍රචලිත මෝටර් රථයක් තමයි ෆෙරාරි කියන්නේ. මේ ලිපිය හරහා ඔබට ගෙනෙන්නේ ෆෙරාරි මෝටර් රථ පිලිබදව විස්තරයකුයි.
ෆෙරාරි මෝටර් රථ නිෂ්පාදන ආයතනයේ ඉතිහාසය
ෆෙරාරි මෝටර් රථය පිලිබදව විස්තර කිරීමේදී ලෝකයේ ප්‍රසිද්ධම චරිතයක් වගේම ෆෙරාරි ආයතනයේ ආරම්භකයාත් වන එන්සෝ ෆෙරාරි අමතක කරන්නම බැරි චරිතයක්. 1898 වර්ෂයේ ඉතාලියේ මොඩිනාහි උපත ලබන ෆෙරාරිට කුඩා කාලයේ බොලොඤ්ඤා හි මෝටර් රථ ධාවන තරඟයක් නැරඹීමට අවස්තාව හිමිවනවා. වසර 10ක් පමණ වන ෆෙරාරි ඉන් අනතුරුව තවත් තරඟ නැරඹීමට යොමුවෙනවා. ඉන් ඇතිවූ ආසාව අනුව ඔහු මෝටර් රථ ධාවකයෙකු වීමට සිහින දැක තිබෙනවා. 1916 ඔහුගේ පියා වගේම සොහොයුරත් ජිවිතයෙන් සමුගත් අතර පළමු රැකියාව විදියට මෝටර් රථ පරීක්ෂණ ධාවකයෙකු ලෙස රැකියාව ලබාගන්නා ෆෙරාරි 1923 වසර පමණ වනවිට ඇල්ෆා රෝමියෝ (Alfa Romeo) ආයතනයේ ධාවකයෙකු ලෙස තමන්ගේ කුඩා කල සිහිනය සැබෑකරගැනීමට සමත් වෙනවා.
එන්සෝ ෆෙරාරි ධාවකයෙකුව සිටි අවදියේ ගත් ඦායාරූපයක් (drivetribe.imgix.net)
ෆෙරාරි ආයතනයේ ලාංජනය වන අශ්වයාගේ සිතුවම පිලිබදවත් අපුරු කතාන්දරයක් පවතිනවා. එනම් එම සංකේතය පළමුව භාවිතා කර ඇත්තේ පළමු ලෝක යුද්ධ සමයේ ඉතාලිය වෙනුවෙන් සටන් කර දිවි පිදූ දක්ෂ ගුවන් නියමුවෙකු මෙන්ම පළමු ලෝක යුධ විරුවෙකු වූ Francesco Baracca ය. ඔහු තම ගුවන් යානයේ බඳ කොටසේ මෙම අශ්වයාගේ රුපය සිතුවම් කරගැනීම පුරුද්දක් කර ගෙන තිබෙනවා. 1923 දී Enzo මෝටර් රථ ධාවන තරඟයක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව Francesco Baracca ගේ මව මුණ ගැසුනු අතර ඇය කල ඉල්ලීමකට අනුව විවිධ වෙනස්කම් සිදු කිරීමෙන් පසුව 1929 සිට එය තම නිල ලාංජනය ලෙස යොදාගත්තා. Modena හි සංකේතාත්මක වර්ණය වූ කහ ලාංජනයේ පසුබිම ලෙස යොදා ගැනුන අතර මුදුනේ ඉතාලි ජාතික කොඩියේ වර්ණ වූ කොළ සුදු සහ රතු සිතුවම් කරතිබෙනවා. S F යන අක්ෂර දෙකෙන් Scuderia Ferrari යන්න නිරුපනය කරනවා.

ෆෙරාරි ආයතනයේ නිල ලාංජනය (www.oogazone.com)
ෆෙරාරි මෝටර් රථ
අද වෙනකොට දීප්තිමත් කහ, අළු හා රතුවර්ණ වලින් සමන්විත වන ෆෙරාරි මෝටර් රථ වලින් රතු වර්ණය විශේෂිත වෙනවා. ජාත්‍යන්තර තරඟ සදහා සහභාගී වීමේදී ඉතාලිය නියෝජනය කිරීමට මුලින් මේ වර්ණය යොදා ගත්තත් අද වෙනකොට විකිණී ඇති ෆෙරාරි රථ වලින් 45% පමණ ප්‍රතිශතයක් රතු පැහැති ෆෙරාරි රථ වෙනවා. ආරම්භක අවස්ථාවේ ධාවන තරඟ වලට සුදුසු මෝටර් රථ නිපදවීම සිදුකලත් කල්යත්ම මාර්ගවල ධාවනය කිරීමට සුදුසු මෝටර් රථත් ෆෙරාරි ආයතනය නිපදවීම සිදුකලා.පළමු මෝටර් රථය වන 12-සිලින්ඩර් 125S – 1947
මෙම රථය මුල්ම අවස්ථාවේ ඉන්ධන නලයේ ඇතිවූ දෝෂයක් නිසාවෙන් තරඟයක් අතරතුර අනතුරට පත්වී තිබෙනවා. නමුත් මාස හතරක පමණ කාලයක් තුල නැවත දෝෂය නිවැරදි කරගනිමින් තරඟ 13ක් අතරින් තරඟ 6 දිනාගැනීමට සමත් වී තිබෙනවා. ලීටරයකට හෝස් පවර් 79ක්ද, ඉන්දන ලීටර 72ක ධාරිතාවක්ද, පැයට කිලෝමීටර් 210ක වේගයක්ද මේ මෝටර් රථය සතුවෙනවා.
පළමු ෆෙරාරි මෝටර් රථය (i1.wp.com)
2018 ෆෙරාරි ප්‍රොටෝෆිනෝ
2018 වර්ෂයට හදුන්වාදුන් මේ රථය ඉතාලියේ එක් නගරයක නමින් නම් කර තිබෙනවා. පැයට සැතපුම් 0 සිට 62ක වේගයක් ලබාගැනීමට තප්පර 3.2 කදී හැකියාවක් මෙය සතුයි. ඇමෙරිකානු ඩොලර් 205,000ක පමණ නිෂ්පාදන වටිනාකමක් මේ මෝටර් රථය වනවා. Turbocharged 3.9-liter V-8 එන්ජිමක් ඇති අතර 2017 වසරේ ලෝකයේ හොඳම එන්ජිමට හිමි සම්මානයත් ලබාගෙන තිබෙනවා.
ෆෙරාරි ප්‍රොටෝෆිනෝ රථය (pic1.win4000.com)
ෆෙරාරි ෆොර්මියුලා -1 SF70H – 2017
ලෝක ප්‍රසිද්ධ ෆොර් මියුලා 1 ධාවකයින් දෙදෙනෙකු වන සෙබස්තියන් වෙට්ල් හා කිමී රෙයිකොනන් (Sebastian Vettel, Kimi Raikkonen) විසින් ධාවනය කරන මේ රථය turbocharged 1.6-liter V-6 එන්ජිමක් සතුවනවා. කාබන් කෙඳි යොදාගනිමින් සැහැල්ලුතාව ලබාගෙන තිබෙන බද කොටසද, රියදුරුද සමග කිලෝග්‍රෑම් 728 පමණ බරකින්ද, අශ්වබල 900කින්ද මේ රථය සමන්විත වෙනවා.ෆෙරාරි කෞතුකාගාර
ලෝකයේ ෆෙරාරි ආයතනයේ කෞතුකාගාර දෙකක් පිහිටා තිබෙනවා. ඉතාලියේ මරනෙල්ලෝ (Maranello) හා මොඩීනා (Modena) යන නගර වල පිහිටා තිබෙන අතර සංචාරය කරන අයෙකුට විශාල අද්දැකීම් ප්‍රමාණයක් ලබාගන්නත් එහිදී හැකි වෙනවා. ෆෙරාරි ආයතනයේ පළමු නිෂ්පාදනය වගේම නිපදවූ මෝටර් රථ වලින් වැදගත් වූ මෝටර් රථ වගේම එන්සෝ ෆෙරාරි එනම් ෆෙරාරි ආයතනයේ හිමිකරුගේ මතක සටහන් පවා ප්‍රදර්ශනයට තබා තිබෙනවා.
මොඩීනාහි පිහිටා තිබෙන ෆෙරාරි කෞතුකාගාරය (http://aws-cf.caradisiac.com)
ෆෙරාරි ආයතනය නිෂ්පාදන වලට යොදාගන්නා තාක්ෂණය AMD තාක්ෂණය
මේ තාක්ෂණය ෆෝමියුලා රථ සදහා යොදාගන්නා අතර ධාවනය කරන කාලයේ මෝටර් රථයේ සිදුවන සියලු සිදුවීම් පාලනය කරන අයවලුන්ට ක්ෂණිකව ලබාගැනීමේ හැකියාවත් මෙමගින් හැකිවෙනවා. සංවේදක (sensors) 150ක් පමණ එක් රථයක තිබෙනවා.ස්ටියරින් වීල්
ෆෙරාරි ආයතනය ලෝකයට හදුන්වාදුන් නිපැයුමක් විදියට ඔවුනගේ විශේෂ ස්ටියරින් වීල් හදුන්වන්න පුළුවන්. මේ හරහා ධාවනය කරන පුද්ගලයා වාහනය හැරවීමේදී වාහනයේ රෝද ඊට ප්‍රතිචාර දැක්වීමට ගතවන කාලය අඩුකිරීමක් සිදුකරනවා. යාන්ත්‍රික ක්‍රමයක් හරහා පෙර එය සිදුවුවත් මේ නව නිපැයුම හරහා විද්‍යුත් තාක්ෂණය හා මෘදුකාංගයක් යාන්ත්‍රික ක්‍රමයට එක්කර එය සිදුකරනු ලබනවා.
ෆෙරාරි ෆොර්මියුලා රථයක ස්ටියරින් විල් එකක් (i.pinimg.com)
හයිබ්‍රිඩ් තාක්ෂනය
මේ හරහා වායුගෝලයට ඉන්දන දහනය මගින් පිටවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩුකරගැනීමට ෆෙරාරි ආයතනයට හැකිවී තිබෙනවා. ෆොර්මියුලා රථවලට මේ තාක්ෂණය යොදාගනිමින් කිලෝමීටරයකට කාබන් ඩයොක්සයිඩ් ග්රෑම් 330ක ප්‍රමානයක් පිටවීම නවතා තිබෙනවා.ලංකාවේ භාවිතා කරන ෆෙරාරි රථ
ලංකාවේ ක්‍රිකට් තරුවක් ලෙස සලකන අරවින්ද ද සිල්වා තමන්ගේ තරඟ ජයග්‍රහණයකින් ලබාගත් ෆෙරාරි රථය ලංකාවේ ප්‍රසිද්ධියක් උසුලනවා.
අරවින්ද ද සිල්වාට අයත් වර්ගයේ ෆෙරාරි මෝටර් රථයක් (topworldauto.com)

ලංකාවට ගියවසරේ ගෙන්වූ ෆෙරාරි 488 spider වර්ගයේ රථයක ඦායාරූපයක් (www.novitec.com)
මුලාශ්‍ර :
www.grandprixhistory.org/ferrari_bio.htm
mentalfloss.com/article/67753/11-fast-facts-about-ferrari
auto.ferrari.com/en_EN/sports-cars-models/past-models/125-s/#collapse1_6716
www.f1tecnical.net
www.hardwaresecrets.com/amd-technology-on-ferrari-formula-1-cars/
www.evo.co.uk/ferrari/458/13901/ferrari-trials-new-steering-technology
www.topspeed.com/cars/ferrari/2016-ferrari-488-spider-ar167566.html








0 comments