ලිනක්ස් Free වුණේ කොහොමද?
ලිනක්ස් කියන්නේ ලොව වැඩිපුුරම
භාවිත වන නිදහස් සහ විවෘත මූලාශ්‍ර මෙහෙයුම් පද්ධතියක්. මුදලට ලබා ගන්නට
තිබෙන මෙහෙයුම් පද්ධති මෙන් නොව එයට තනිව අයිතියක් කියන්නට හැකි පුද්ගලයෙක්
හෝ ආයතනයක් නැහැ. මුලදී පුද්ගලික පරිගණකවල ස්ථාපනය සඳහා නිපැයුණත් මේ වන
විට එය ලොව වැඩිපුරම ස්ථාපිත සාර්වාර්ථ (general-purpose) මෙහෙයුම් පද්ධතිය
බවට පත්ව තිබෙන්නේ ලිනක්ස් කර්නලය මත පදනම් වූ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම්
පද්ධතියේ ශීඝ්‍ර පරිශීලක වර්ධනයත් සමගයි. නමුත් එතරම් පිරිසක් භාවිත කරනවා
නම් එයින් එහි නිර්මාණකරුවන්ට සිතාගත නොහැකි ලාභයක් ලබමින් ලොව ධනවත්ම
පුද්ගලයා බවට පත්වන්නට තිබුණා නොවේද? මේ ලිනක්ස්වල කතාන්දරයයි.
අනතුරුව ස්ටෝල්මන් විසින් GNU පොදු බලපත්‍රය ඉදිරිපත් කළ අතර ඉන් හිමිකම් සහිත කේතයක් නිදහස් මෘදුකාංගයක කේතයක් යොදා ගනිමින් සැකසීම වළක්වනු ලැබුවා. මේ පියවර අද වනතුරුත් සහ අනාගතයේදීත් ලිනක්ස් මෘදුකාංග සහ කර්නලය නිදහස් කරන්නට මහත් කාර්යයභාර්යයක් ඉටුකළා.
ග්නූ ව්‍යාපෘතිය මේ සඳහා ගත් උත්සාහය එතරම් සාර්ථක මට්ටමක නොපැවතුණු අතර නිදහස් යන නාමයෙන් පැවති මිනික්ස් කර්ලනය ද අධ්‍යාපනික කටයුතු සඳහා පමණක් භාවිත කළ හැකි ආකාරයේ බලපතකින් නතු කර තිබුණා. මේ වටපිටාවත් එක්ක තමයි ලීනස්ට පින්ලන්තයේ හෙල්සින්කි සරසවියේ සිටියදී ලිනක්ස් කර්නලය සකසන්නට අදහස් පහළ වුණේ. ඒ අනුව ඔහු 1991දී ලිනක්ස් ආරම්භ කරමින් එහි නිර්මාතෘවරයා බවට පත්වුණා.
බාහිරින් බැලූ විට අදටත් ග්‍රැෆික් අතුරුමුහුණතේ වැඩි කාර්යයභාර්යයකට හිමිකම් කියන්නේ ග්නූ ව්‍යාපෘතිය යි. එහෙත් එහි පාදම, වැදගත්ම කොටස ලබාදුන් ලිනක්ස් කර්නලය නිසාවෙන්ම අපි පහසුවටත් එක්ක තමයි උජාරුවට ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන බව කියන්නේ.
දැනට වුණත් ඔබ ලිනක්ස් ඩිස්ට්‍රෝවක ස්ථාපිත මූලික මෘදුකාංග: ගෙඩිට් (පෙළ සකසනය), ෆයර්ෆොක්ස්, ටෝටෙම් (වීඩියෝ ධාවකය) සහ මෙහෙයුම් පද්ධතියේ මූලික අංග; මෘදුකාංග ලැයිස්තුව දක්වන යුනිට් හෝ ග්නෝම් ආදිය සමඟ සංසන්දය කළහොත් ඔබට ඒවායේ විශාල වෙනසක් පෙනේවි. ඒ වගේම ඒ හැමෙකකම About වෙත ගිය විට ඒවා විවිධ මෘදුකාංග නිෂ්පාදකයින් සහ ආයතන විසින් සකසන ලද බව දකින්නට ලැබේවි. ඉතින් නිදහස් මෙහෙයුම් පද්ධති සැකසෙන්නේ මේ ආකාරයටයි. සියල්ලම තනි කෙනෙක් කරනවා වෙනුවට මෘදුකාංග පවා නිදහස් නිසා ඒවාත් අලුතින් නිපදනවා වෙනුවට නිදහස් මෘදුකාංග ගොන්නෙන් හොඳම ඒවා තෝරාගෙන අන්තර්ගත කරමින් මෙහෙයුම් පද්ධතිය නිකුත් කිරීම පහසුයි. එහෙත් එවිට පෙනුමේ අවුල් තිබෙනවා.
මෙන්න මේ ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් Unixවල පැවති CDE (Common Desktop Environment) වෙත විකල්පයක් ලෙස මැතියාස් එට්‍රික් විසින් ලිනක්ස් සඳහා KDE හඳුන්වා දුන්නා. නමුත් මෙහි භාවිතා වුණු Qt toolkit එක හිමිකම් සහිත බලපතක් යටතේ තිබුණු නිසා මේ විසඳුම සම්පූර්ණයෙන්ම නිදහස් එකක් වූයේ නැහැ. ඒ නිසා උපරිම නිදහසක් ලැබෙන විසඳුමක් මෘදුකාංග සංවර්ධකයන්ට අවශ්‍ය වූ හෙයින් Miguel de Icaza සහ Federico Mena යන දෙදෙනා විසින් Gnome හඳුන්වාදුන් අතර මුල් සහ නූතන උබුන්ටු වෙළුම භාවිත කරන්නේ ද ඒ වැඩතල පරිසරයයි. හැබැයි 1999 වසර වෙද්දී Qt toolkit එකත් නිදහස් බලපතකට මාරු වුණා.
ඉතින් මේ ආකාරයට තමයි අපි අද භාවිත කරන නිදහස් සහ විවෘත මූලාශ්‍ර මෘදුකාංග, මෙහෙයුම් පද්ධතීන් මෙන්ම විකිපීඩියාව වැනි දැනුම බෙදාදෙන කේන්ද්‍රස්ථාන බිහිවන්නටත් පදනම ඇතිවුණේ. මේ හැම එකකටම ඔබේ හැකියාවනුත් එක් කරලා වැඩි දියුණු කරන්නට වගේම බලපතෙන් අවසර දී තිබෙනවා නම් වෙනත් ඔබේම නමකින් වෙනස් කොට බෙදාහරින්නටත් පුළුවන්. හතු පිපෙන්න වගේ ලංකාව තුළත් ලිනක්ස් ඩිස්ට්‍රෝ පහුගිය කාලයේ බිහිවුණේත් මේ නිසාමයි.
ඒ කොහොම නමුත්, ඔබ පැය ගණනාවක්, වසර ගණනාවක් මහන්සි වෙලා සකසන ලද කේත කොටසක්, මෘදුකාංගයක් ලොව ඕනම කෙනෙක්ට උපුටා ගන්නට අවසර දෙමින් මුදාහරින්නට ඔබට කෙතරම් ධෛර්යයක් තිබිය යුතු ද?
මෘදුකාංග නිදහස වෙනුවෙන් ස්ටෝල්මන්ගේ සටන
වර්ෂ 1983 දී රිචඩ් ස්ටෝල්මන් විසින් GNU (ග්නූ) ව්‍යාපෘතිය ආරම්භ කළා. මෙය හරහා හිමිකාරීත්වයක් නොමැති Unix-compatible මෙහෙයුම් පද්ධතියක් සැකසීමට අදහස් කළ අතර ඊට වර්ෂ දෙකකට පසු, එනම් 1985 දී, ඔහු නිදහස් මෘදුකාංග පදනම (Free Software Foundation) නිසා මෘදුකාංග සංවර්ධනය සඳහා උද්‍යෝගයක් ලොව තුළ පැතිරුණා. මේ වන විටත් ලොව නිදහස් මෘදුකාංග පිළිබඳ අදහස තිබූ අතර ස්ටෝල්මන් විසින් හුදෙක් සිදුකළේ එම අදහස නිසියාකාරව ලෝක සමාජය අතර බෙදාගැනීමට මූලිකත්වය ගැනීම පමණයි. මෙයට සමගාමීව ඔහු නිදහස් මෘදුකාංගයක් යනු කුමක්දැයි අර්ථ දැක්වූයේ මෙලෙසයි:නිදහස් මෘදුකාංගයක් යනු, පරිශීලකයෙක්ට එය ධාවනය කරන්නට, කොපි කරන්නට, බෙදාහරින්නට, අධ්‍යයනය කරන්නට, වෙනස් කරන්නට සහ වැඩිදියුණු කරන්නට නිදහස තිබෙන නිෂ්පාදනයක්.ඔහුගේ මේ ක්‍රියාදාමය නීත්‍යානුකූල වශයෙන් ද සාධාරණීකරණය වූයේ නිෂ්පාදකයා විසින්ම ඊට අවසර දීමට කැමැත්ත පළ කිරීම හරහා මෙම නිදහස ගොඩනගාලන බැවිනුයි. මෘදුකාංගයකට කිසියම් බාධක පැණවීම හරහා, එනම් එය ධාවනය කිරීමට සීරියල් නම්බර් එකක් ඕනෑ ය, එහි මූලිකව නොමිලේ (හෝ මූලික ගෙවීමෙන් පසු) ලැබෙන්නේ මේ මේ විශේෂාංගයන්ය, ඉතිරි පහසුකම් ගන්නට තවත් මොඩියුල වෙනුවෙන් ගෙවන්නට ඕනෑය, මෙම බලපත වලංගු වන්නේ මෙතරම් කාලයකටය, ඉන් පසු තවත් ගෙවන්නට ඕනෑය, ඔබ එය මිලදී ගත්තත් වෙනත් කෙනෙක්ට එය ලබාදීම තහනම්ය, එයට කිසිදු වෙනසක් කිරීම තහනම්ය, කේතය ද කිසිසේත් ලබා නොදෙන්නේය ආදී වශයෙන් නානාප්‍රකාර සීමාවන් පණවා මෘදුකාංගයක් බෙදා හැරීම මෙය හරහා නවතාලන අතර නිදහස් මෘදුකාංගයක කේතය භාවිතයෙන් තනන ලද නව හෝ වැඩිදියුණු කළ මෘදුකාංගයක් අලෙවි කිරීම ද ගැටළුවක් වූවා.
අනතුරුව ස්ටෝල්මන් විසින් GNU පොදු බලපත්‍රය ඉදිරිපත් කළ අතර ඉන් හිමිකම් සහිත කේතයක් නිදහස් මෘදුකාංගයක කේතයක් යොදා ගනිමින් සැකසීම වළක්වනු ලැබුවා. මේ පියවර අද වනතුරුත් සහ අනාගතයේදීත් ලිනක්ස් මෘදුකාංග සහ කර්නලය නිදහස් කරන්නට මහත් කාර්යයභාර්යයක් ඉටුකළා.
මෘදුකාංග වලින් නොනැවතී මෙහෙයුම් පද්ධතියට
මෘදුකාංග නිදහස් ලැබුවත් ඒවා ධාවනය කරන මෙහෙයුම් පද්ධතිය විසින් සීමා පණවා ඇත්නම් ඉන් පරිගණකය තුළ උපරිම නිදහසක් අත්වන්නේ නැහැ. ඉතින් නිදහස් මෙහෙයුම් පද්ධතියක අවශ්‍යතාවයක් මීට සමගාමීව ඇතිවුණා. එයට විසඳුමක් ගෙන ආවේ ලීනස් ටෝවර්ල්ඩ්ස් විසිනුයි. ග්නූ ව්‍යාපෘතිය හරහා නිදහස් ඩෙස්ක්ටොප් එකකට අත්පොත් තබා තිබුණ ද ඉන් මෙහෙයුම් පද්ධතියක අත්‍යාවශ්‍යම කොටස වන කර්නලයට විසඳුමක් තිබුණේ නැහැ. කර්නලය කියන්නේ මෙහෙයුම් පද්ධතියේ මෘදුකාංගමය කොටස සහ පරිගණක උපාංගයේ අඩංගු දෘඪාංග අතර සම්බන්ධතාවය ඇති කරවන ලේයරය/සම්බන්ධකය යි.ග්නූ ව්‍යාපෘතිය මේ සඳහා ගත් උත්සාහය එතරම් සාර්ථක මට්ටමක නොපැවතුණු අතර නිදහස් යන නාමයෙන් පැවති මිනික්ස් කර්ලනය ද අධ්‍යාපනික කටයුතු සඳහා පමණක් භාවිත කළ හැකි ආකාරයේ බලපතකින් නතු කර තිබුණා. මේ වටපිටාවත් එක්ක තමයි ලීනස්ට පින්ලන්තයේ හෙල්සින්කි සරසවියේ සිටියදී ලිනක්ස් කර්නලය සකසන්නට අදහස් පහළ වුණේ. ඒ අනුව ඔහු 1991දී ලිනක්ස් ආරම්භ කරමින් එහි නිර්මාතෘවරයා බවට පත්වුණා.
බාහිරින් බැලූ විට අදටත් ග්‍රැෆික් අතුරුමුහුණතේ වැඩි කාර්යයභාර්යයකට හිමිකම් කියන්නේ ග්නූ ව්‍යාපෘතිය යි. එහෙත් එහි පාදම, වැදගත්ම කොටස ලබාදුන් ලිනක්ස් කර්නලය නිසාවෙන්ම අපි පහසුවටත් එක්ක තමයි උජාරුවට ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන බව කියන්නේ.
විවිධ අය සැකසූ නිසා විවිධ පෙනුම් ලැබුණා
ඔබ එක්තරා ආයතනයක් විසින් සම්පූර්ණයෙන්ම තනන ලද හිමිකාරිත්වයක් සහිත මෙහෙයුම් පද්ධතියක්; වින්ඩෝස් හෝ මැක් මෙහෙයුම් පද්ධති ගැන අවධානය යොමු කළොත් පෙනේවි එහි මූලිකව ලැබෙන සියළුම මෘදුකාංග සහ අංගයන් එකම සැලැස්මකට (design) අනුව තිබෙන බව. ඒ කියන්නේ, පරිගණකයේ සෙටිංස් මෙනුවේ සහ මෙහෙයුම් පද්ධතිය සමගම ලැබෙන බ්‍රවුසරය (සෆාරි/Edge) අතර ඩිසයින් එකේ ලොකු වෙනසක් නැහැ. හැබැයි එයට එකතු කරන වෙනත් මෘදුකාංගවල ඒ කියන්නේ ක්‍රෝම්, පොටෝෂොප් ආදියේ ඒ මූලික පෙනුමෙන් සම්පූර්ණයෙන්ම පරිබාහිර, එහි නිර්මාතෘ සමාගමට ආවේණික වෙනත්ම පෙනුමකුයි තිබෙන්නේ. මෙන්න මේ ගැටළුව මෙහෙයුම් පද්ධති මට්ටමෙන්ම ලිනක්ස්වලටත් ආවා.දැනට වුණත් ඔබ ලිනක්ස් ඩිස්ට්‍රෝවක ස්ථාපිත මූලික මෘදුකාංග: ගෙඩිට් (පෙළ සකසනය), ෆයර්ෆොක්ස්, ටෝටෙම් (වීඩියෝ ධාවකය) සහ මෙහෙයුම් පද්ධතියේ මූලික අංග; මෘදුකාංග ලැයිස්තුව දක්වන යුනිට් හෝ ග්නෝම් ආදිය සමඟ සංසන්දය කළහොත් ඔබට ඒවායේ විශාල වෙනසක් පෙනේවි. ඒ වගේම ඒ හැමෙකකම About වෙත ගිය විට ඒවා විවිධ මෘදුකාංග නිෂ්පාදකයින් සහ ආයතන විසින් සකසන ලද බව දකින්නට ලැබේවි. ඉතින් නිදහස් මෙහෙයුම් පද්ධති සැකසෙන්නේ මේ ආකාරයටයි. සියල්ලම තනි කෙනෙක් කරනවා වෙනුවට මෘදුකාංග පවා නිදහස් නිසා ඒවාත් අලුතින් නිපදනවා වෙනුවට නිදහස් මෘදුකාංග ගොන්නෙන් හොඳම ඒවා තෝරාගෙන අන්තර්ගත කරමින් මෙහෙයුම් පද්ධතිය නිකුත් කිරීම පහසුයි. එහෙත් එවිට පෙනුමේ අවුල් තිබෙනවා.

0 comments