තිසර පෙරේරා ලැබුණු අලුත්ම ජොබ් එක මෙන්න..



තිසර පෙරේරා යනු පන්දුවෙන් වගේම පිත්තෙනුත් දක්ෂතා පෙන්විය හැකි බංග්ලාදේශයේදී තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙක්. එහෙත් මේ වන විට තිසරගේ තවත් දක්ෂතාවයක් දැක්වෙන් ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක්ව තිබෙනවා.

කලකට පසු කුසලාන තුනක්ම දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 19 වනදා දිවයිනට පැමිණියා. දිවයිනට පැමිණි ක්‍රීඩකයින් ගුවන්තොටුපොළේ සිට ක්‍රිකට් ආයතනයට රැගෙන ඒමට අධි සුඛෝපභෝගි බස් රථයක් පැමිණ තිබිණි. සිය සහෝදර ක්‍රීඩකයන් තම තමන්ගේ බඩු බාහිරදිය බසයට දාමා ගන්නා තුරු තිසර බසට නැග රියැදුරු අසුනේ ඉඳගත්තා.

හුරු පුරුදු බස් රථ රියැදුරෙක් ලෙසට රියදුරු අසුනේ වාඩි වූ තිසර බස් රථය පණගන්වනු ලැබුවා. තිසර බස් රථය පදවාගෙන යාමට සැරසෙන බවට අවට සිටි අයවළුන්ට සිතුණේ නිරායාසයෙනි. එසේම බසය පණ ගැන්වූ තිසර බස් රථයේ හෝන් එක නාද කිරීමට ද අමතක කරේ නෑ. කෙසේ වෙතත් තිසර රියැදුරු අසුනෙන් ඉවත් වූයේ සෙසු ක්‍රීඩකයන් සියලුම දෙනා බස් රථයට ගොඩවීමෙන් අනතුරුව බවයි වාර්තා වන්නේ

0 comments