නිවේදිකාව වැඩසටහන අතරතුර දරුවෙකු ප්‍රසුත කරලා.
ගුවන් විදුලි වැඩසටහනක් සජීවීව සිදුකරන අතරතුරදී දරුවකු බිහිකරන ලද නිවේදිකාවක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වේ.
කැසීඬේ ප්‍රොක්ටර් සෙන්ට් ලූයිස්හි ආර්ච් ගුවන්විදුලියේ උදෑසන සජීවී විකාශයේ නිරත නිවේදිකාවකි.
ඇය දරුවකු බිහිකිරීමට සූදානමින් සිටි නිවේදිකාවක් වන අතර ඇය සජීවී විකාශය
තරන අතරතුරදී ප‍්‍රසව වේදනාවෙන් පෙළීමට පටන් ගත් බැවින් මෙම ගුවන්විදුලිය
සමග එ්කාබද්ධව කටයුතු කරන රෝහල් වෛද්‍යවරුන් වහා පැමිණ ඇය වෙත සිසේරියන්
සැත්කමක් සිදුකර ඇත.
එම සැත්කම සජීවී විකාශය අතරතුරදී සිදුකර ඇති අතර විකාශය අතරතුර නිවේදිකාව
දරුවා බිහිකරමින් තම ගුවන්විදුලි ශ‍්‍රාවකයන් සමග කතාබහ කර තිබේ.
”මට ගොඩක් සතුටුයි මගේ ජීවිතයේ මෙතරම් විශේෂිත දිනයක් මගේ වැඩසටහන සුපුරුදු
අසන්නන් සමග සජීවීව බෙදාහදා ගැනීමට හැකිවීම ගැන” ඇය පවසා ඇත. අලූත උපන්
බිලිඳාගේ බර රාත්තල් 7යි අවුන්ස 6ක් වන බවත් බිලිඳා නිරෝගී සුවයෙන් පසුවන
බවත් වෛද්‍යවරුන් පැවසූ බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඇය සමග සජීවී විකාශය කරන අනෙක් නිවේදකයා පවසා ඇත්තේ ”ඇත්තෙන්ම එය අපූර්වතම, ළෙන්ගතු මොහොතක් වූ බවයි.








0 comments