විවාහයට අවශ්‍ය නිසා මෙගන් හදිසියේ රහසින් ආගම මාරු කරගෙන
පසුගිය අඟහරුවාදා සවස මිනිත්තු 45 කට
ඇයගේ පියා තෝමස් මාර්කල් ඇමරිකාවේ එපිස්කොපල් පල්ලියේ සාමාජිකයෙකු හා ඇන්ග්ලිකන් ලබ්දිකයෙකු වශයෙන් සිටි බවත් මව ප්‍රොතෙස්තන්ත්‍ර ආගම අදහන්නියක බවත් විස්තර විය.කෙසේ වෙතත් මින් පෙර දික්කසාදයක්ද ලබා සිටින ඇමරිකානු නිළි මෙගන් නිශ්චිත ලෙස ආගමක් අදහමින් සිටියේ නැති බව වාර්තා විය. ඇතැම් වාර්තා වලින් කියැවුනේ ඇය මව අනුගමනය කරමින් ප්‍රොතෙස්තන්ත්‍ර ආගම අදහමින් එම පාසලක ඉගෙනුම ලැබූ බවත් මුල් සැමියා වූ යුදෙව් ජාතිකයාගේ ආගමකට මාරු වුනේ නැති බවත්ය.
බ්‍රිතාන්‍ය රාජකීය මංගල්‍යයක් පල්ලියක සිදු කිරීමේදී පල්ලියේ ප්‍රධානී ලෙස බ්‍රිතාන්‍ය රැජිණිය පෙනී සිටිය යුතු වීමත් එම පල්ලියට අයත් බැප්ටිස්ට් ආගම අදහනිනයකගේ විවාහයට පමණක් සම්බන්ධවීමට ඇති හැකියාව නිසා මෙගන් මෙම වෙනස්කම සිදුකරගෙන ඇත.









0 comments