බෝම්බ බියකින් බර්ලින් නුවර කලබලයක්
බ්‍රිතාන්‍යයට අයත් බව පැවසෙන කිලෝග්‍රෑම් 500ක බරින් යුතු මෙම බෝම්බය ගොඩනැගිල්ලක් ඉදිකෙරෙන භූමියක තිබී හමුවී තිබේ.
බෝම්බ නිෂ්ක්‍රීය අංශ කඩිනමින් බෝම්බය තිබෙන ස්ථානය වෙත පැමිණ එය නිෂ්ක්‍රීය කළේය.
බෝම්බය තිබෙන බව අනාවරණය වීමත් සමඟ මීටර 800ක ආසන්න දුරක පිරිස් ඉවත් කිරීමට ජර්මානු බලධාරීහු කටයුතු කළහ. බර්ලිනයේ මධ්‍යම දුම්රිය ස්ථානය යනු ජර්මනියේ ප්‍රවාහන කේන්ද්‍රස්ථානයකි. දිනකට මෙහි යන එන මගීන්ගේ සංඛ්‍යාව 300,000 ඉක්මවයි.
දෙවැනි ලෝක යුද්ධය අවසන් වී වසර 70කට වැඩි කාලයක් ගත වී තිබුණත් එම කාලයේදී වළලා දැමූ බෝම්බ පසුගිය කාලයේ දී දිගින් දිගටම හමුවිය.
මිත්‍ර පාර්ශීය රටවල් නාසි ජර්මනියට ප්‍රහාර එල්ල කිරීමේ අරමුණින් කාල ගණන ඇතිව මෙම බෝම්බ වළලා දමනු ලැබ තිබේ. එමෙන්ම මේ ආකාරයේ බෝම්බ 3,000කට ආසන්න සංඛ්‍යාවක් තවමත් බර්ලින් නුවර වළලා ඇතැයි පැවසේ.









0 comments