ශ්‍රි දේවි - දිව්‍යා භාරතිගේ මරණට සම්බන්ධයි?
90 දශකයේ බොලිවුඩයෙ අහින්සක දඟකාර පෙමවතිය වූ දිව්‍යා භාරති ඔබට මතකද? ශාරුක් සමඟ රඟ පෑ DEEWANA චිත්‍රපටයේ AISE DEEWANAGI ගීතය ඒ කාලයේ වගේම තාමත් ජනප්‍රිය ගීතයක්වුනේ දිව්‍යාගේ ප්‍රතිභා පූර්ණ රංගනය නිසයි. දිව්‍යා සාජිත් නන්දියාද්වාලා නම් නිශ්පාදකවරයා නමඟ විවාහ වන විට ඇයට යන්තම් 18 පිරුණා විතරයි. ඔවුන්ගේ වසරක විවාහය අවසන් වුනේ දිව්‍යාගේ හදිසි මරණය නිසයි.
කොහොම වුනත් ශ්‍රි දේවි වගේම දිව්‍යාත් දකුණු ඉන්දියානු සිනමාවෙන් බොලිවුඩයට ආ රංගණ ශිල්පිණියක්. දෛවයේ තවත් හාස්කමකින් ශ්‍රි දේවිත් දිව්‍යාත් පෙනුමෙන් මොනතරම් සමාන වුනාද ක්යනවා නම් දිව්‍යා භාරති ශ්රිදේවිගේ පුංචි නංගි කියලයි බොලිවුඩය නම් කර තිබුනේ. ඒවගේම කවදා හරි මේ පුංචි නංගි ශ්‍රි දේවිගේ තැන ගන්නවා කියල කටකතා ද පැතිර තිබුනා. බොලිවුඩයේ දිව්‍යා නැගී එන තරුවක් බවට පත් වෙද්දි 1993 අප්‍රේල් 5 වන දින ඇගේ මහල් නිවාසයේ බැල්කනියෙන් වැටි මිය ගියේ ඇගේ මරණය අදටත් අභිරහසක් බවට පත් කරමින්.
ඒ කාලයේ පැතිරුණු කටකතාව වුනේ දිව්‍යාගේ මරණය පිටුපස ශ්‍රි දේවිගේ සම්බන්ධයක් ඇති බවයි.දිව්‍යා ගැන ඊර්ශ්යාවෙන් ශ්‍රි දේවි ඉන්දියානු ඉපැරණි ගුරුකම් කර දිව්‍යාගේ මරණය සිදු කර ඇති බව එකල ප්‍රසිද්ධ රහසක් බවට පත්වුනා. මෙය තවත් තහවුරු වුනේ දිව්‍යාගේ මරණයෙන් පස්සේ ඇය අත්සන් කර තිබුනු සියලුම චිත්‍රපට ශ්රිදේවිට ලැබුනු නිසයි. කොහෙම වුනත් දිව්‍යා මිය යන්න කළින් ඇය රංඟනයෙන් දායක වෙමින් තිබුනු රාජ් කන්වාර්ගේ ලාඩ්ලා චිත්‍රපටය සම්බන්ධයෙන් අන්දෝලාත්මක කතාවක් පැවසුවේ බොලිවුඩයේ සුපිරි තරුවක් වන රවීනා තන්ඩන්. ලාඩ්ලා චිත්‍රපටයට රංගනයෙන් දායකතවය ලබාදුනනේ අනිල් කපූර් දිව්‍යා භාරති හා රවීනා තන්ඩන් විසින්.
"එම චිත්‍රපටයේ ඇති එක දෙබසක් දිව්‍යාට පැවසීමට බෙහෝම අසීරු කටයුත්තක් වුනා.එ්ක බොහෝ සැරයක් කියලා තමයි අවසන් කරන්න සිදුවුනේ. දිවෘගේ මරණයෙන් මාස හයකට පස්සේ දිව්‍යා වෙනුවට ශ්‍රි දේවි එම චරිතය සඳහා පෙනී සිටියා. අපි සියලු දෙනාම ස්ටුඩියෝ එකේ ඉන්නකොට දිව්‍යාට බැරිවුනු ඒ දෙබම ඒ විදිහටම ශ්‍රි දේවිටත් කියන්න අපහසු වුනා. මේ වෙලාවේදි ශක්ති ( ශක්කි කපූර් - ශ්‍රද්ධා කපූර්ගේ පියා) කිව්වේ අපි ගයත්‍රි මන්ත්‍රම්( ස්ත්‍රෝතයක්) හඩ නගලා ගායනා කරමු කියයි." රවීනා තන්ඩන් එහෙම කිව්වේ හරියට එදා එතැන දිව්‍යාගේ ආත්මය හිටියා කියන විශ්වාසෙන්.
දිව්‍යා අභීරහස් ලෙස හදිසියේ මිය ගියා වගේම ශ්රිදේවිත් හදිසියේම මිය ගියේ හරියටම දිව්‍යාගේ උපන්දිනයට පසු දිනයේ වීම තවත් වශේෂ කරුණක් වුනා. මේ සියලු කතා අලු යට ගිණි පුලිඟු වගේ නැවතත් කරළියට ආවේ ශ්‍රි දේවිගේ මරණයේත් දිව්‍යාගේ මරණයෙත් අදිසි සම්බන්ධතායක් ඇති බව කාටත් දැනුනු නිසා වෙන්නත් ඇති.
0 comments