රෝයල් පාටියෙන් හැමෝම දැනගත් චන්දිමාල්ගෙන් තවත් රෝයල් වැඩක්


පසුගියදා තමන්ගේ උපන්දිනය රාජකීය අයුරින් සැමරූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ තවත් දැවැන්ත කර්තව්‍යයක් ආරම්භ කර තිබෙනවා. ඒ 2018 ලෝක විවාහක රූ රැජින තරඟය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන රූමතිය තේරීම සඳහායි.ඒ අනුව මෙම තරඟය සඳහා ශ්‍රී ලංකාවෙන් තේරීපත් වෙන රූමතියට මිලියන 30ක් වටිනා කිරුළක් පලඳවන්නට ඔවුන් කටයුතු සංවිධාන තිබෙනවා. මේ සඳහා අනුග්‍රහය දක්වන්නේ රාජා ජුවලර්ස් වීමද විශේෂත්වයක් වන අතර මෙම වටිනා කිරුළට අමතරව ජයග්‍රහණය කරන රූමතියට ප්‍රංශ සංචාරයක්ද ලබා දීමට චන්දිමාල් ජයසිංහ කටයුතු සංවිධානය කර තිබෙනවා.
තවද එම ප්‍රංශ සංචාරය අතරතුර එරට ප්‍රසිද්ධ සඟරා දෙකක පෙනී සිටීමට ඇයට අවස්ථාව හිමිවන අතර ලෝක විවාහක රූ රැජින තරඟය සඳහා ඇය සහභාගී වන අවස්ථාවේදී ඒ සඳහා වන ගුවන් ටිකට් පත්ද නොමිලේ ලබාදීමටයි චන්දිමාල් ජයසිංහ ප්‍රමුඛ සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත්තේ.

0 comments