ඇතුලුවන්නන්ට මරණය ලබා දෙන උතුරු සෙන්ටිනාල් දිවයින .
අදත් මම කියන්ඩ යන්නෙ එක්තරා දූපතක් ගැනයි..හැබැයි මම මේ කියන
දූපතේ ජීවත් වෙලාවත් සේවය කොරලවත් නෑ..ඒත් මෙච්චර දියුණු ලෝකෙක මෙහෙම තැන්
තියන්ඩ පුලුවන්ද කියල ඔයාලට හිතෙයි..මේක නම උතුරු සෙන්තිනාල් දිවයින
(නොර්ත් සෙන්ටිනෙල් අයිලන්ඩ්)තියන්නෙ
ඉන්දියානු සාගරේ බෙංගාල බොක්ක ආශ්රිතව.වර්ග කිලෝමීටර 72 වෙන මේ දූපතේ
උසම තැන මීටර 122 කියලයි නිගමනය කොරල තියන්නෙ,මෙය අන්දමන් දූපත් පෙලට අයත්
වගේම මෙහි සම්පූර්ණ අයිතිය ඉන්දියානු රජය සතුයි..ඉතාම මනස්කාන්ත වෙරල
තීරයක් වගේම මේ දූපත වැහිල තියන්නෙ ඝණ වනාන්තරයකින් මොන තරම් ලස්සන උනත්
වැඩේ කියන්නෙ මේ දූපතට පය ගහන්ඩ මොන ජගතෙකුටවත් බෑ.හේතුව මේකෙ ජීවත් වෙන
ස්වදේශිකයන්,ඔවුන්
කිසිම කැමැත්තක් නෑ මේ දිවයිනට පිටස්තර මොනම අයෙක්වත් ඇතුලු වෙනවට එහෙම
ඇතුලු උනු කිසිම මනුස්සයෙක් ජීවතුන් අතර නොතියන්න මොවුන් වගබලගන්නව..අඩුම
තරමෙ මේ දූපත අසලින් බෝට්ටු නවුකා හෝ අහසින් පියාසර කරන හෙලිකොප්ටර් යානා
වලට උනත් මොවුන් පහර දෙන්ඩ් දෙවරක් හිතන්නෙ නෑ..කලින් මොවුන් ගැන හා
ඔවුන්ගේ ගෝත්රික ජීවිතය ගැන හදාරන් මේ දූපතට ඇතුලු උන විශේෂඥයෙක් හෝ
දෙදෙනනෙක් සහ ජලය සොයා ඇතුලු උන නාවුකයින් මොවුන් අතින් මරණයට පත් වෙලත්
තියන බව සදහන් මෙහි පලවන චායාරූප බොහොමයක් අරන් තියන්නෙත් ගුවනින් හෝ බොහෝ
දුර නවුකාවක සිටයි.. මේ තත්වය තේරුන් ගත්තු ඉන්දියානු රජය පවා මෙම දූපතට
කිසිවකුට ඇතුලු නොවන්නට නියම කර තිබෙනව ..එහෙනම් ඔන්න ඕකයි කතාව පුලුවන්
කෙනෙක් ඉන්නව නම් බෝට්ටුවකින් හරි ගිහින් බලන්ඩල හැබැයි අන්තිම කැමති
පත්තරේ ලියලම ගියොත් වඩා හොදයි ..මෙන්න චායාරූප
ඩොන්-
Shyam Don
0 comments