ලොව ප්‍රථම හයිඩ්රජන් බලයෙන් ක්‍රියා කරන දුම්රිය
ලොව ප්‍රථම හයිඩ්රජන් බලයෙන් ක්‍රියා කරන දුම්රිය සැප්තැම්බර් 18 දින ජර්මනියේදී ධාවනයට එක් විය,,එය නිෂ්පාදනය කරන ලද්දේ ප්‍රංශයේ ALSTOM ආයතනයයි.....ඔවු
මෙම නව දුම්රිය රථ ධාවනය වනුයේ හයිඩ්රජන් හා ඔක්සිජන් මගින් නිපදවන විදුලි බලයෙනි ,,එහිදී යම් හෙයිකින් වැඩි විදුලි බලයක් දුම්රියේ අවශ්‍යතාවයේ මට්ටම වඩා නිපදුවහොත් එය දුම්රියේ පිහිටි බැටරියක් තුල ගබඩා වේ,,එමෙන්ම මෙහි අවසනයේ වාෂ්ප හා ජලය ලෙස පරිසරය ට එක් වීමක් සිදු වේ,,එම නිසා පරිසරයට වන අහිතරකර බලපෑම් අවම වේ
මෙම හයිඩ්රජන් බලයෙන් ධාවනය වන දුම්රියේ ශබ්දය ඉතාමත් අවම වේ,,එය ගමන් කරන මගීන්ට සේම පොදු මහජනතාවටත් හිතකර වේ...එනම් ශබ්ද දුෂණයද අවම වේ
පරිසර හිතකාමී ලෙස නිපදවා ඇති මෙම දුම්රිය ඩිසල් බලයෙන් ක්‍රියා කරන දුම්රියට වඩා මුලික පිරිවැයෙන් වැඩි වුවද ඊන් පසු පවත්වා ගෙන යාමේ වියදම් අඩු මට්ටමක පවතී,,,,,එම නිසා එය ලාභදායි බවටත් වාර්තා වේ..., දැනට මෙහි ආරම්භක මිල මට්ටම් වැඩි වුවද ඉදිරියදී මෙවැනි දුම්රියන් වැඩියෙන් නිපදවීම මත එකක පිරිවැය අඩුවීමෙන් දුම්රියක විකුණුම් මිල මට්ටම් දැනට වඩා අඩු වීමටද ඉඩ ඇත
මෙම හයිඩ්රජන් බලයෙන් ක්‍රියා කරන දුම්රිය රථ ජර්මනිය විසින් ඉදිරියේදී තවත් ධාවනයට එක් කර ගැනීමට නියමිත අතර ඒ සදහා ALSTOM ආයතනයට ඇණවුම් ලබා දී ඇත....ඊටත් අමතරව , ඉතාලිය , කැනඩාව . ප්‍රංශය ,ඩෙන්මාර්කය , නොර්වේ , බ්‍රිතාන්‍ය හා ,නෙදර්ලන්තය යන රටවල් ද හයිඩ්රජන් බලයෙන් ක්‍රියා කරන දුම්රිය තම රටවල් වලට ලබා ගැනීමට දැනටමත් ALSTOM ආයතනය ට ඇණවුම් ලබා දී ඇත ...
ඉංග්‍රීසින් නිසා ශ්‍රී ලංකික අපටත් හොද දුම්රිය සේවයක් ලබා දුන් අතර ශ්‍රී ලංකික අපේම දේශපාලකයින් වසර 70 තිස්සේ රට පාලනය කිරීමේදී ඉංග්‍රීසින් අපහසුතා මැද ගොඩ නැගු දුම්රිය පද්ධතින්වත් කාර්යක්ෂමව පවත්වා ගෙන යාමට අසමත් වී ඇති අතර නානුඔයෙන් . පටන් ගෙන නුවර එලිය මැදින් . රාගල දක්වා තිබු මාර්ගය ගලවා ඉවත් කර ඇත,,එමෙන්ම ඕපනායක දක්වා තිබු කැලණිවැලි දුම්රිය මාර්ගයද අවිස්සවෙල්ලෙන් නතර කර ඇත.....කදුකර මාර්ගයන් හි ඉංග්‍රීසින් වික්‍රම පාමින් දුම්රිය මාර්ග ගොඩ නැගුවද අපිට තවමත් තැනිතලා මාර්ගයක් වත් අලුතින් සම්පුර්ණ කර ගැනීමට නොහැකි වී ඇත,,එවන් අපිට හයිඩ්රජන් බලයෙන් ක්‍රියා කරන දුම්රිය හෝ විදුලි බලයෙන් ක්‍රියා කරන දුම්රියත් දැකීමත් මේ දේශපාලකයින් නිසාම සිහිනයක්ම වී ඇත
ජෝසප් ඩයස්












0 comments