ජනපති අගමැති මට කැමති නෑ.. මං ඉල්ලා අස්වෙනවා.
‘දැන් හිටියා ඇති කියලා හිතෙනවා. මම පොලිසියේ අවුරුදු තිස්තුනක් අවංකව රාජකාරි කළා. එක ගල් කැටයක් වත් කාගෙවත් අරගෙන නෑ. හරි හම්බ කර ගත්තේ මිනිස්සු සහ ආත්ම ගරුත්වයයි නමයි විතරයි. මෙහෙම වැඩ කරද්දි ගල් විතරක් නම් ලැබෙන්නේ තවදුරත් තනතුරුවල ඉඳලා වැඩක් නෑ.
දැන් මට ඉතිරි අම්මගේ ආදරය පවුලේ සෙනෙහසයි විතරයි. මට තාමත් ඉන්න ගෙයක් නෑ. දරුවන්ට ඉන්න තැනක් තියෙන්න ඕන නිසා කුලියට වත් දෙයක් හොයාගන්න ඕනේ’
ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි ජනාධිපති හෝ අගමැති දැනුම්දීමක් කර නැතත් ඔවුන්ගේ ඇගවීම් තමනට තේරෙන බවත් ඔවුන් තුළ තමන් ගැන කලකිරීමක් ඇත්තේ නම් තනතුරේ තවත් හිඳීමෙන් වැඩක් නැති බවත් ඔහු සඳහන් කළේය.
ලංකා සි නිව්ස්









0 comments