කොන්ඩේ කට් ගහපු සිසුවා ශිෂ්‍ය නායකයාට දුන්න බැටේ

කොණ්‌ඩා මොස්‌තරයක්‌ දමාගෙන විදුහල වෙත පැමිණි 17 හැවිරිදි පාසල් සිසුවකුගේ කොණ්‌ඩය එහි ශිෂ්‍ය නායකයකු විසින් කතුරකින් කපා දැමීම සම්බන්ධයෙන් කෝපයට පත්ව වැඩිමල් සොහොයුරාද සමඟ එක්‌වී විද්‍යාලය ඉදිරියේදීම ශිෂ්‍ය නායකයාට පහරදී ඇතැයි කියන සිද්ධියක්‌ අරණායක පොලිසියෙන් වාර්තා වේ.
මෝස්‌තරකාර සිසුවා සිද්ධිය වූ දින පාසලට පැමිණි අවස්‌ථාවේ ඔහු දුටු ගුරුවරියන් තිදෙනකු විසින් පහරකෑමට ලක්‌වූ සිසු නායකයාට කතුරක්‌දී කොණ්‌ඩය කපා දමන ලෙසට උපදෙස්‌ දී ඇත.
කොණ්‌ඩය කප්පාදුවට පත්වූ සිසුවා මේ පිළිබඳව සිය වැඩිමල් සොයුරාට පණිවුඩයක්‌ යවා ඔහු ගෙන්වාගෙන විදුහල ඇරී යන අවස්‌ථාවේදී ඉකුත් 18 වැනිදා පාසල ඉදිරිපිටදීම පහරදී තිබේ. එහිදී තුවාල ලත් ශිෂ්‍ය නායකයා අරණායක දිසා රෝහලට ඇතුළත් කර ඇත.
පහරදුන් ශිෂ්‍යයා සහ ඔහුගේ වැඩිමල් සොහොයුරු අරණායක පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන මාවනැල්ල දිසා මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉකුත් 19 වැනිදා ඉදිරිපත් කරන ලදුව ඇප මත මුදාහැර ඇත.
අරණායක පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ප්‍රියන්ත අබේසිංහ මහතාගේ උපදෙස්‌ පරිදි විවිධ පැමිණිලි අංශයේ නියෝජ්‍ය ස්‌ථානාධිපති උ.පො.ප. එච්. එස්‌. ජයරත්න, පො.කො. (35754) එස්‌. කේ. මුණසිංහ (41176) ලක්‍ෂ්මන් යන නිලධාරීහු මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වාගෙන යති.

0 comments