සතියට ලක්ෂෙට පහලොස්දහසක් පොලී දුන් තරුණිය අතුරුදහන් – වැඩි පොලී ගන්න නිවෙස් වල දේපල පවා මිනිස්සු විකුනලා.
දිසානායක මුදියන්සේලාගේ ශ්‍යාමලී දිසානායක වන ඇය වසර එකහමාරක පමණ කාලයක සිට ප්‍රදේශයේ ජනතාව සමඟ ඉතා හිතවත්ව ගණුදෙනු සිදුකර ඇති අතර බොහෝ දෙනාගේ හදිසි මුදල් අවශ්‍යාතවයන් වලදී ඇය මුදල් ලබා දී තිබෙනවා. මෙලස බොහෝ දෙනාගේ හිත දිනාගනිමින් කටයුතු කළ ඇය රුපියල් ලක්ෂයක මුදලකට සතියට රුපියල් පහලොස්දහස බැගින් ලබා දී ඇති අතර එහිදී බොහෝ දෙනෙකු ඇය ළඟ මුදල් තැන්පත් කිරීමට පෙළඹී තිබෙනවා.
එහිදී ඇතැම් පුද්ගලයින් තම නිවෙස් වල සිටි ගවයන් පවා විකුණා ඇය ළඟ මුදල් තැන්පත් කර තිබුනේ ඇයගෙන් ලැබෙන අධික පොලී මුදල ලබා ගැනීමේ අරමුණින්.
එවන් තත්වයක් තිබියදී ඇය පසුගිය 17 වනදා සිට ප්‍රදේශයේන් අතුරුදහන් වී ඇති අතර ඇය පිලිබද තොරතුරක් දන්නේනම් ඒ පිළිබඳව පොලොන්නරුව පොලිසිය වෙත දැනුම් දෙන ලෙස මෙම මූල්‍ය වංචාවට හසුවූ පුද්ගලයින් ඉල්ලීමක් කරනවා
0 comments