දිගටි හිස් කබලේ අභිරහස


දැනට ලෝකයේ බොහෝ දුර්ලභ වුවද, මිනිස් හිස් කබල අසාමාන්‍ය ආකාරයෙන් හැඩගැසීමේ චාරිත්‍රය වසර දහස් ගණනාවක් තිස්සේ, ඉපැරණි සමාජ ගණනාවක අනිවාර්‍ය අංගයක් වී පැවතිණ. දිගටි ආකාරයෙන් හිස්කබල හැඩගැසීම සඳහා හේතුව දැනට අභිරහසක් වෙයි.
දිගටි ලෙස හිස්කබලක් හැඩ ගසන්නේ කෙසේද?
සමාජය වෙනස් වුවද, ඉතිහාසය පුරාවට හිස්කබල හැඩගැසීමේ ක්‍රමය බොහෝ විට එක සමානය. අලුත උපන් බිලිඳුන්ගේ හිස් කබල වර්ධනයේ මූලාරම්භක අවධියේ දී අතිශයින් සුනම්‍ය වේ. බිලිඳාගේ නළල මත සහ හිස පිටුපස තබන පුවරු 2 ක් රෙදි පටි මගින් තදින් වෙළණු ලැබේ. හිස්කබල කෙමෙන් කෙමෙන් ඔවාලාකාර හැඩයක් ගන්නේ මේ තෙරපුම නිසාවෙනි.
මීට වසර දහස් ගණනකට පෙර සිට සිදුවූ මෙම චාරිත්‍රය අවසාන වූයේ 20 වන ශත වර්ෂයේ ප්‍රංශයේ අති දුෂ්කර ප්‍රදේශවල ළදරුවන් ගෙනි. එහෙත් දැනටද, වනුආටු දූපත් රාජ්‍යය වැනි පොලිනීසියා කළාපයේ ළදරුවන්ගේ හිස්කබල මේ අකාරයෙන් හැඩගසන බවට සැක පහලකෙරේ. අප්‍රිකාව, නැගෙනහිර ජර්මනිය මෙන්ම ස්වදේශීය උතුරු ඇමෙරිකානු සමාජය, ආදිවාසී ඕස්ට්‍රේලියානුවන් සහ කැරිබියන් දූපත් වාසීන් විසූ ප්‍රදේශ වලින් පුරාණ දිගු හිස් කබල් සොයාගෙන ඇත.



මෙම චාරිත්‍රය හේතුවෙන් පුද්ගලයෙකුගේ බුද්ධියට හෝ මොළයේ වර්ධනයට ස්ථීර කායික හානියක් සිදුවී ඇතැයි වාර්තා වී නොමැත.
දිගු හිස් කබල් නිර්මාණය කළේ ඇයි?
පුරාවිද්‍යාඥයයෝ ප්‍රායෝගික මූලයන් පිළිබඳ විවාදයන් දිගටම කරගෙන යති. සමහර ප්‍රවීණයන් පවසන්නේ දිගුකාලීන හිස්කබල හැඩගැසීමේ ක්‍රියාවලියකට ලක් වූ ළදරුවන් රාජකීය හෝ ඉහළම සමාජ පංතියේ විය හැකි බවයි. කෙසේවෙතත් වෙනත් පර්යේෂකයන් පවසන්නේ අසල්වැසි සමාජයන්ගෙන් තමන් වෙන්කර හඳුනාගැනීම පිණිස ගෝත්‍රිකයන් හෝ සංස්කෘතීන් මෙම චාරිත්‍රය සිදුකල බවයි.
දිගු හිස් කබල් පිළිබඳව මෙම අධ්‍යයනය දිගටම සිදු වන අතර, බලාපොරොත්තු වන පරිදි වඩාත් සවිස්තරාත්මක තොරතුරු ලැබෙනු ඇත.
  Sisira Nishantha Manage

0 comments