හැරී කුමරුගේ හා මෙගන් කුමරියගේ ඕස්ට්‍රේලියා සංචාරය නිමවා ඊයේ දින ෆිජි කරා පැමිණි අතර ඕස්ට්‍රේලියා සංචාරයේ ඇස ගැටුණු සිද්ධීන් මදක් විමසා බලමු...


රාජකීය යුවල සිඩ්නි ඔපෙරා හි සංචරය කිරීමෙන් අනතුරුව පැමිණියේ සිඩ්නි හි ඔවුන් එනතුරු ආදරයෙන් මග බලා සිටි ජනතාව මුණ ගැසීමට හා ඔවුන්ගේ ආදරය විද ගැනීමටත් පෙරලා ජනතාවට තමන්ගේ ආදරය ප්‍රකාශ කිරීමටත්ය ..
මෙසේ ජනතාවගේ ආදරය විදිමින් හා ඔවුන්ට පෙරලා ආදරණිය ප්‍රතිචාර දක්වමින් ඉදිරියට ඇදුනු හැරී කුමරු හා මෙගන් කුමරිය ඕස්ට්‍රේලියා ජනතාවගේ ප්‍රතිචාර වලින් ඉමහත් අමන්දානන්දයට පත් වී සිටින ලදී
ජනතාවට ප්‍රතිචාර දක්වමින් සිටි හැරී කුමරු එක්වරම දුටු දෙයින් ඉමහත් ප්‍රීතියට පත්ව ඒ දෙසට පිය නගන්නට වුයේය,,,,ඒ නම් රෝද පුටුවේ රැදී සිටිමින් තමන්ට ආචර කරමින් සිටි 93 හැවිරිදි ඩෑෆන් ඩන් වෙතය...ඇයගේ පලමු සැමියා 1945 දෙවන ලෝක මහා යුද්ධයේදී මරුමුවට පත් වී ඇත,,,,හැරී කුමරු 2015 දී හා 2017 දීත් ඕස්ට්‍රේලියා සංචාරයේ නිරත වූ විටද කුමරා දැක බලා ගැනීමට ඩෑෆන් ඩන් පැමිණ සිටි අතර ඇය මෙවරත් දැකීමෙන් ප්‍රීතියට පත් කුමරු ඇය වෙත දණ නාම පහත් වෙමින් ඇයට වඩාත් ආසන්නව, තම ආදරය පුදමින් සිප ගන්නා ලදී,,,ඉන් පසු ඇය සමග ආදරයෙන් කතා බස් කල කුමරු, තමා ඇයව බලාපොරොත්තුවෙන්
සිටි බවත් ,ඇයව දැක ගැනීමට ලැබීමෙන් තමන් වඩාත් සතුටට පත් වෙන බවත් පවසන ලදී..එමෙන්ම ඇයට නිරෝගී සුවයද පතන ලදී
ඉන් පසු හැරී කුමරු මෙගන් කුමරියත් කැදවමින් ඩෑෆන් ඩන් හදුන්වා දෙන ලදී...හැරී කුමරු ගේ කැදවීම අනුව පැමිණි මෙගන් කුමරියත් ඩෑෆන් ඩන් සිප වැලද ගෙන ඇයට කුමරු විශේෂ ආදරයක් දක්වන බවත් ඇය ගැන සංචාරය අතරතුර පවසා සිටි බවත් කුමාර ඇයව බලාපොරොත්තුවෙන් සිටි බවත් පවසා ඩෑෆන් ඩන් ට නිරෝගී සුවයත් ලබන වර තමා හැරී කුමරු සමග ඕස්ට්‍රේලියාවට පැමිණීමේදී නැවතත් ඇයව මුණගැසීමට ආදරෙන් සිටින බවත් එතෙක් නිරෝගී සුවය පතන බවත් පවසන ලදී....එමෙන්ම ලබන වර හැරී කුමරු හා තමා පැමිණෙන්නේ තම දරු පුංචි කුමරා සමග බවත් ප්‍රකාශ කරන ලදී....
ඉන් පසු ඒ ආසන්නයේ සිටි කුඩා දරුවන් දැකීමෙන් ප්‍රීතියට පත්ව , දණ නමා එම කුඩා දරුවන් වෙත නැඹුරු වූ මෙගන් කුමරිය . ඔවුන් සිප ගෙන , එම දරුවන් ආදරෙන් ලබා දුන් මල් කලඹ ඉමහත් අසාවෙන් පිලි ගන්නා ලදී...
හැරී කුමරු හා මෙගන් කුමරියගේ ඕස්ට්‍රේලියා සංචාරයේදී කුඩා දරුවන්ගේ ආදරය විදගත් අයුරුත් ඔවුන්ට පෙරලා ආදරය කල අයුරුත් ජායාරුප කීපයකින් දැක්වේ
ජෝසප් ඩයස්









0 comments