‘ඩෙල්ෆ්ට්’ දූපතේ නිත්‍ය නිවැසියෝ ආගන්තුකයෝද?
ඩෙල්ෆ්ට්හි කැලෑ අශ්වයන් පිළිබඳ විවිධ මතවාද...
මේ
මිනිසුන්ගේ එදිනෙදා කාර්යයන් සඳහා උදව් වෙමින් ජීවත්ව සිට ඉනික්බිති
වසර දෙසියයකට ආසන්න වු කාලයකදී කැලෑ වැදුණු සත්ව කොට්ඨාශයක් පිළිබද
වන පුවතකි. ඒ අතීත කතාන්දරයේ ඇති සැටි සොයා බලන අටියෙන් පසුගිය දිනෙක
අපි යාපනයේ ජැටියෙන් මහසමුදුර තරණය කළේ මේ සත්වයින් රැදි සිටින්නේ
දූපතට යාමටය. දෙමළ උරුවෙන් ඒ දූපත හදුන්වන්නේ ‘නෙදුන්තිව්‘ වශයෙනි.
ශ්‍රී ලංකා මිනිනදෝරු දෙපාර්තමේන්ත
ුව
විසින් සකස් කර ඇති ශ්‍රී ලංකා සිතියමේ ඉන්දියන් සාගරය තුළ විසිරි ගිය
අපේ රටට අයත් දූපත් අතරේ විශාලම දූපත ලෙස නම් කර ඇති ‘ඩෙල්ෆ්ට්‘ දූපත
නිවැසි කර ගෙන ජිවත් වන ආසියාවේ විශාලම කැලෑ අශ්ව ගහනය සොයා පසු ගිය
දිනෙක අප ගියේ ඩෙල්ෆ්ට් දුපතටය.
සංඛ්‍යාත්මකව නම් මේ දූපත තුළ වෙසෙන කැලෑ අශ්වයන්ගේ ගණන 1000 කට ආසන්න වෙතැයි අනුමාන කළ හැකිය. වනජිවී දෙපාර්තමේන්තුව
2013 – 2014 අතර සිදු කළ අශ්ව සංගණනයට අනුව නම් ඩෙල්ෆ්ට් දූපතේ ජිවත්
වන කැලෑ අශ්වයින් ගණන වාර්තා වුයේ 455 ක් වශයෙනි. ඒ අතරේ වයස අවුරුදු 01
ට අඩු අශ්ව පැටවුන් 27 ක්, වයස අවුරුදු 01 – 02 ත් අතර වයසේ පසු වන අශ්ව
පැටවුන් 48 ක් සහ වැඩිවියට පත් වු අශ්වයින් 380 ක් ලෙස වාර්තා විය.
පෙර අශ්වයින්ගේ සංරක්ෂිත භූමියක් නොවූ ඩෙල්ෆ්ට් දූපත වර්තමානයේ
ඩෙල්ෆ්ට් ජාතික උද්‍යානය ලෙස 2015.06.22 වැනි දින ප්‍රකාශ වීමත් සමඟම
සංරක්ෂණ ක්‍රියාවළියට මෙම සත්වයින් බදුන් වීය. වර්තමානයේ වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඩෙල්ෆ්ට් ජාතික උද්‍යානයේ පරිපාලනමය කටයුතු සඳහා වනජිවී සංරක්ෂණ කාර්යාලයක්ද දූපත තුළ ස්ථාපිත කර ඇත.
ඩෙල්ෆ්ට් දූපත දිගින් කිලෝමීටර් 08 කි. පළල කිලෝමීටර් 06 කි. මුළු
භූමි වපසරිය වර්ග හෙක්ටයාර් 4700 කි. ඉන් ඩෙල්ෆ්ට් ජාතික උද්‍යානයට
අයත් භූමි වපසරිය වන්නේ හෙක්ටයාර් 1846.28 කි. ජනගහණය පවුල් 1500 කට
ආසන්නය. යුධමය වාතාවරණය පැවැති සමය තුළදී සංචාරක ආකර්ෂණයෙන් බැහැර
අනාරක්ෂිත දූපතක් වු මේ බිම වර්තමානයේ සංචාරක ආකර්ෂණය වැඩි
වශයෙන් දිනා ගත් සංචාරක පුරවරයක් බවට පත් වී ඇත. දූපතේ එක් කොටසක්
තුළ නිදහසේ දිවි ගෙවන කැලෑ අශවයින් දැක බලා ගැනිමට මෙම දූපතට පැමිණෙන
සංචාරකයින් වැඩි උනන්දුවක් පෙන්වයි.
ඩෙල්ෆ්ට් දූපත
පුරාම ඇත්තේ පෘතුගිසි සහ ලන්දේසි යුග වලට අයත් යටත් විජිත රාජ්‍යන්හී
වගතුග කියාපාන නටබුන්ය. නමුත් ඊටත් එහා යුගයන් දක්වා දිව යන බොදු
නටබුන්ද මෙම දූපත තුළදී දැක ගත හැකි වේ. විවිධ ප්‍රමාණයේ චෛත්‍ය හයක්
පිහිටි බවට අදට ඉතිරිව ඇති නටබුන් සාක්ෂි දරයි. එනම් අනුරාධපුර යුගය
තුළදී ඩෙල්ෆ්ට් දූපතද බොදු දර්ශනයෙන් පිරිපුන් බිමක් වු බවට මේ චෛත්‍ය
කර්මාන්තයන්හි නටබුන්
නිහඩවම කියා පායි. ශ්‍රී ලංකාවට අයත් ඩෙල්ෆ් දූපතේ ජිවත් වෙන
මිනිසුන්ගේ ප්‍රධාන ජිවනෝපාය මාර්ගය ධීවර කර්මාන්තය බවට පත් වි ඇත.
මුළු දුපතම නිර්මාණය වී ඇත්තේ ශක්තිමත් කොරල් ගල් පද්ධතියක් මුල් කර
ගෙනය. එනම් පොළවේ මතු පිට පස් ස්ථරය අඩි දෙකක් තුනක් දුරට කැණිම් සිදු කළ
විට මතු වන්නේ අභ්‍යන්තරයේ පිහිටි කොරල් ගල් ස්ථරයයි. වැසි ජලය වුවද
පොළවට උරා ගන්නේ ඉතාමත් අඩුවෙනි.
වසරකට එක් වරක්
පමණක් වැසි ඇද හැලෙන ඩෙල්ෆ් දූපතට සිමා වුණු කැලැ අශ්වයින් තමන්ගේ
පැවැත්ම තහවුරු කර ගෙන සිටින්නේ මේ පවතින පාරිසරික තත්වයට
අනුවර්තනයන් දක්වමින්ය. එම තත්වය මේ දූපත තුළ යහපත් වු කැලෑ අශ්ව ගහණයක් පවැතීමට බෙහෙවින්ම බලපා ඇත.
සැබැවින්ම ඩෙල්ෆ් දූපත තුළ ජිවත් වන්නේ කැලෑ අශ්වයින්මද? ලොව පුරා
ව්‍යාප්තව සිටිනා අශ්වයින්ගේ මුලාරම්භයේ විස්තරයන් කෙබදුද? ඒ
පිළිබදව අපේ රට තුළ සිදු කරනු ලබන අධ්‍යයනයක් වෙත් නම් ඒ සඳහා
සුදුසුම සජීවි නිදර්ශකයන් සහිත බිම වන්නේ මේ දූපතයි. ඩෙල්ෆ් අශ්ව
පරපුරට ඇත්තේ දිගු ඉතිහාස කථාවකි. එහි ආරම්භය හා බැදුණු පුරාවෘතයක
කියැවෙන්නේ තපස්සු - බල්ලුක නම් වෙළෙඳ දෙබෑයෝ මේ දුපතට පැමිණ අශ්වයින්
වෙළදාමේ නිරතව ඇති බවකි. එසේම සිංහල රාජ වංශය තුළත් අශ්වයින් නමැති
පෞරුෂය විදහාපානා මේ තේජාන්විත සත්වයින් විෂයෙහිලා හිමිවි ඇත්තේද
ප්‍රධාන තැනකි. එම සත්වයින් තමන් සතු කර ගෙන තමන්ගේ මහේශාක්‍යත්වය
විදහා පෑමට හෙළ රජවරුද උත්සුක වී ඇති බව පුරාතන වංශකතා අනුව සිතිය
හැකිය. අශ්වයින් සඳහා අලි, ඇත් දළ, මුතු මැණික්, කුළු බඩු ආදි දෑ හුවමාරු
වී ඇත. ඩෙල්ෆ් අශ්වයින්ගේ අතීතය සෙවිමට නම් අප යටත් විජිත පාලන සමයට
යායුතුය. ලේඛන ගත සාක්ෂි අනුව පෘතුග්‍රීසි පාලන සමය තුළදි ඔවුන්ගේ
එදිනෙදා ගමනා ගමන සුව පහසුව සහ සෙසු විවිධ කාර්යයන් සදහා අශ්වයින්
සීමිත සංඛ්‍යාවක් මේ දූපතට රැගෙන විත් ඇත. ලන්දේසීද අපේ රට පාලනය කළ
සමය තුළ මේ සත්වයින් තමන්ගේ ගමනා ගමන පහසුව සඳහා යොදා ගෙන ඇත.
බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමය තුළ ඩෙල්ෆ් ඇසුරේ පවත්වාගෙන ගිය
බ්‍රිතාන්‍ය හමුදා කදවුරේ 1811 සිට 1819 දක්වා අණ දෙන නිලධාරියා ලෙස
සේවය කළ නෝලාන්ට් නම් සුදු බ්‍රිතාන්‍ය ජාතිකයා අශ්ව ලෝලියෙකු ලෙස ප්‍රකට
වුවෙකි. ඔහු මේ දූපතේ තම ධුර කාලය තුළදී සුරතලයට පර්සියන් අශ්වයින්
02 ක් සහ අරාබි අශ්වයෙක් ද ආදරයෙන් ඇති දැඩි කළ බව සදහන්ය.
දූපතේ තැන තැන විසිරී ගිය නටබුන් අතරේ අශ්ව ගාලක් පැවැති බවට සිතිය හැකි
වර්තමානයේ ඉතිරිව ඇති මීටර් 100 ක් පමණ දිග ගල් කණු 70 කින් යුක්ත
ස්ථානය සුවිශේෂිය. මන්ද යත් ඒ සා සුවිසල් අශ්ව ගාලක් පවත්වා ගෙන යන්නට
ඇත්තේ මේ සත්වයින් අපේ රටෙන් පිට රැගෙන යාමේ අටියෙන් ඩෙල්ෆ් දූපත ඇසුරේ
අභිජනන මධ්‍යස්ථානයක්ද
පවත්වා ගෙන ගිය නිසාවෙන් විය යුතුය යන පූර්ව නිගමනයටද ඒ අනුව එළැඹිය
හැකිය. එනම් තම යටත් විජිත රාජ්‍යන් වෙත ඩෙල්ෆ්ට් වල උපන් අශ්වයින් රැගෙන
යන්නටද ඇත. තමන්ගේ සුව පහසුව සහ ආදයම් මාර්ගයක් ලෙස පවත්වා ගෙන ආ
ඩෙල්ෆ්ට් දූපතේ අශ්ව කොලණිය ඔවුන් මේ දූපතේ පාලන කටයුතු අවසන් කර පෙරළා
දූපතෙන් පිටත්ව යාමේදි දූපතේ සිටි අශ්වයින් ආපසු රැගෙන ගොස් නැත.
ගෘහස්තිකරණයෙන්
ඉනික්බිති කලෑ වැදෙන අශ්වයින්ගේ ඉතිහාසය වසර ගණනාවක් ගෙවි ගොස් ඇතත්
අදටත් මේ සත්වයින් ශුෂ්ක, කටුක වු දූපතක් තුළ තමන්ගේ පැවැත්ම තහවුරු කර
ගෙන සිටීම එක් අතකට විශ්මිතය.
අශ්ව රැළේ නායකත්වය දරන්නේ පරිණත පිරිමි සතෙකි. ඔහු වටා ගැහැණු වෙළඹුන් හතර පස් දෙනෙක් රොක් වන්නේ නිරායාසයෙනි.
මන්ද යත් එවැනි ශක්තිමත් පිරිමියෙකුට ඇති ආකර්ෂණය වැඩිය. නමුත් ඔහු
කිසි විටෙකදි වත් තමන්ට දාව උපන් ගැහැණු පැටවුන් සමග අභිජනන කාර්යය
සඳහා නොයයි. තමන්ට දාව උපන් පැටවුන් හදුනා ගත හැකි ඉවක් ඔහු සතුව ඇත.
එබැවින් පිරිමි පිරිමි අශ්වයින් අතරේ ගැටුම් ඇත්තේ සුළු වශයෙනි. නමුත්
ලස්සන වෙළඹුන්ගේ සිත තමා වෙත ඇද ගැනීමේ අරමුණින් ශක්තිය උරගා බැලිමේ
සටන් මේ ඇත්තන් අතරේද නැත්තේ නොවේ. හේෂාරාවය නගමින් ඇරැඹෙන එවැනි
ගැටුම් ඩෙල්ෆ් සතු කර්කශ කටුක බව මැඩලිමට සමත් බවද සඳහන් කළ යුතුමයි.
වයස අවුරුදු 25 කට ආසන්න වු ආයුකාලයක් බුක්ති විදිමට හිමි මේ සත්වයින් අතරින් පරමායුෂ විදීමට සැම සාමාජිකයෙකුටම
හැකි වන්නේ නැත. එයට ප්‍රධාන ලෙසම බලපාන්නේ ඩෙල්ෆ් වලටම අනන්‍ය වු
දේශගුණික තත්වයයි. යාපනය දිස්ත්‍රික්කය යනු ශුෂ්ක කලාපයක් බව
ප්රකටය. ඒ කලාපයට අයත් ඩෙල්ෆ් යනු අධි ශුෂ්ක බිමකි. වසරේ එක් වරක්
පමණක් ක්‍රියාත්මක වන වැසි චක්‍රය නිසි පරිදි ක්‍රියාත්මක නොවුණොත් මේ
සත්වයින්ට පමණක් නොව සමස්ත ඩෙල්ෆ් වාසීන්ටම සිදු වන්නේ අභාග්‍ය සම්පන්න
තත්වයකට මුහුණ දිමටය. මන්ද යත් පරිහරණයට ගත හැකි හොද වතුර රැදි
උල්පතක් ඇත්තේ මුළු දූපතටම එකක් පමණි. එය දූපත් වාසීන්ට ප්‍රමාණවත්
වන්නේ නැත. එබැවින් වැසි ජලය පතිත වන සමයට ඒ ජලයෙන් උපරීම ප්‍රයෝජනය
ලබා ගැනිමට දූපත් වාසීහු උත්සාහ දරති.
වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
ඩෙල්ෆ් දුපත තුළ ජීවත් වන කැලැ අශ්වයින් ගැවසෙන ප්‍රදේශය ආවරණය වන
පරිදි ස්ථාපිත කර ඇති ජාතික උද්‍යානය වර්තමානය වන විටදී කැලෑ
අශ්වයින්ගේ නිදහස් හැසිරීම් රටාවන් සුරක්ෂිත වීමට බෙහෙවින්ම බලපා ඇත.
වැඩි හිටි අවදියේ පසු වන අශ්වයින් බොහෝමයකගේ ශරිරයේ ඇත්තේ ඩෙල්ෆ්
වාසීන් විසින් අශ්වයින් තමන්ගේ විවිද වු කාර්යයන් සඳහා යොදා ගැනීමේ
අරමුණින් අල්ලා ගෙන හණ ගැසු බවට වන පෙර සලකුණුය. නමුත් ජාතික
උද්‍යානයක් වීම හරහා මෙම සත්වයින් සංරක්ෂණ ක්‍රියාවළියට බදුන් වෙමින් ඇති බවට ජනතාව තුළම ආකල්පමය වෙනසක් සිදු වෙමින් පැවැතිම සුබ වාදි තත්වයකි.
සඳමල් රශ්මී ශ්‍රී බුද්ධික...
0 comments