කොවිඩ් 19 ආසාදිතයන්ට ආශිර්වාද කිරීමෙන් පසු පාප් වහන්සේ අසනීප වෙයි.

සුළු අසනීප තත්වයක් හේතුවෙන් අති උතුම් ෆ්රැන්සීස් ශුද්ධෝත්තම පාප්වහන්සේ ඊයේ රෝමයේ පැවැත්වීමට සුදානම් කර තිබු දේව මෙහෙයට සහභාගී නොවූ බව වාර්තා වනවා.
නව කොරෝනා වෛරසයෙන් පිඩා විදින ජනතාවට සහයෝගය පළ කරන බවට උන්වහන්සේ පසුගියදා බැසිලිකාවේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි ජනතාවට ප්‍රකාශ කර සිටියා.
ඉන්පසු උන්වහන්සේ ජනතාව අතරට යමින් ඔවුන්ට ආශිර්වාද කරමින් සහ හිස සිප ගනු ලැබූ බව සඳහන්.
එම දිනයට පසුදින ශුද්ධෝත්තම පියතුමන් අළු බදාදා දින දේව මෙහෙයට සහභාගීවූ අතර එහිදී උන්වහන්සේ යම් අසනීප අසනීප තත්වයකින් පෙලෙන අයුරු පෙන්නුම් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
මේ වන විට ඉතාලිය ඇතුළු යුරෝපයේ රටවල් ගණනාවක නව කොරෝනා ආසාධිත රෝගීන් හමුවී තිබෙන අතර ශුද්ධෝත්තම පියතුමන් කිසිදු ආරක්‍ෂිත ආවරණයක් නොපැළද ජනතාව අතරට ගොස් ඔවුන් සමඟ සිටීමෙන් අනතුරුව රෝග ලක්ෂණ පෙන්නුම් කළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
කෙසේ වුවත් උන්වහන්සේගේ අසනීප තත්ත්වය ගැන මේ දක්වා කිසිදු නිල ප්‍රකාශයක් වතිකානුව විසින් සිදුකර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
0 comments