"COVID -19" මාර්තු 2 වන විට ලෝකයේ නවතම තත්වය

ශ්‍රී ලංකවේ විදෙස් ගත ශ්‍රමිකයින් බහුලව වෙසෙන කුවේටය තුලද රෝගය බහුලව පැතිර යමින් පවතී .... අද දින කුවේටයෙන් රෝගීන් 10 දෙනෙක් සොයා ගත් අතර මේ හේතුවෙන් කුවේටයේ මේ වනවිට ආසාධිත රෝගීන් 56 ක් දක්වා වැඩි වී ඇත...
දකුණු කොරියාව ------------
රෝගීන් වැඩිම වශයෙන් සොයා ගැනෙනු ,දකුණු කොරියාවේ ක්‍රිස්තියානි දේවස්ථානයේ නායකයා දකුණු කොරියානු වැසියන්ගෙන් අද දින පොදුවේ සමාව ඉල්ලා සිටින ලදී..ඔහුගේ අනුගාමිකයින්ට විශාල ලෙස "COVID -19" රෝගය වැලදී තිබු බවට පරීක්ෂණ වලින් හෙළි වී තිබු අතර එම පරීක්ෂණ සදහා ඔවුන්ගේ සමජිකයින්ගේ ලිපි ලේඛන ලබා නොදීමේ චෝදනා මත ඔවුන්ට නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට කොරියා රජය සුදානමක් ද විය ...
මේ වනවිට දකුණු කොරියාවෙන් රෝගීන් 4 335 වාර්තා වී ඇති අතර මරණ 26 වාර්තා වී ඇති අතර රෝගීන් 31 සම්පුර්න ලෙස සුවය ලබා ඇත
දකුණු කොරියාවේ අධ්‍යාපන අමාත්‍යයංශය පැවසුවේ මාර්තු 23 දක්වා දිගටම පාසල් වසා තැබෙනු ඇති බවයි...
අද දින වනවිට දකුණු කොරියාවේ වාර්තා වූ රෝගීන් 4 212 අතරින් පහත දත්ත ලැබී ඇත ... සියෝල් රෝගීන් 91 බුසාන් රෝගීන් 88 Deagu රෝගීන් 3 081 Incheon රෝගීන් 7 gwangju රෝගීන් 9 Daejeon රෝගීන් 14 Ulsan රෝගීන් 20 sejong රෝගීන්1 Gyeonggi රෝගීන් 92 gangwon රෝගීන් 19 උතුරු chungcheong රෝගීන් 11 දකුණු chungcheong රෝගීන් 78 jeollabuk රෝගීන්6 jeolnnam රෝගීන් 5 උතුරු Gyeongsang රෝගීන් 624 දකුණු Gyeongsang රෝගීන් 64 jeju රෝගීන් 2
ඉතාලිය ---------- මේ වනවිට මුළු රෝගීන් 1 704ක් දක්වා වැඩි වී වී ඇත ...
එහෙත් දැනට විස්තර ලැබී ඇත්තේ රෝගීන් 1577 සම්බන්ද තොරතුරුය ..
රෝගීන්ගෙන් 798 නිවෙස් තුල ප්‍රතිකාර ලබමින් පසුවේ ..තවත් රෝගීන් 639 රෝහල් ගත ව ප්‍රතිකාර ලබයි...එසේම රෝගීන් 140 අසාධ්‍යව රෝහල් වල දැඩි සත්කාර ඒකකයන් හි පසු වේ ...
එසේම මේ වනවිට රෝගීන් 84 දෙනෙක් සම්පුර්ණයෙන් සුව වී නිවෙස් බලා පිටත් වී ගොස් ඇත
එසේම අවසනාවන්ත ලෙස රෝගීන් 34 දෙනෙකු මරණයට පත් වී ඇත ...
ඉතාලියේ රෝගීන් --------- Lombardy පලාතෙන් රෝගීන් 984 ක් Emili a -romagna පලාතෙන් රෝගීන් 285 Veneto පලාතෙන් රෝගීන් 263 ක්
Liguria පලාතෙන් රෝගීන් 25, Campania පලාතෙන් රෝගීන් 17 piedmont පලාතෙන් රෝගීන් 49 ක් Tuscany පලාතෙන් රෝගීන් 25 ක් ලෙසත් Lazio පළාතෙන් රෝගීන් 6 ක්ද Sicily පලාතෙන් රෝගීන් 9 ක් Puglia පලාතෙන් රෝගීන් 3 නෙක්ද Abruzzo පළාතෙන්ද රෝගින් 5 කුද මේ වනවිට වාර්තා වී තිබුණි ..එසේම හා Calabria පළාතෙන්ද රෝගියෙකු හා Bolzano පලාතෙන් රෝගියෙකුද හමු වී ඇත ..
ඉරානය -------
ඉරානයෙන් අද දින තවත් රෝගීන් 523 වාර්තා වූ අතර ඒ සමගම රෝගීන් 1 501 දක්වා ඉහළ අගයක් ගන්නා ලදී ..එසේම අදත් මරණ 12 සිදු වූ අතර ඒ හේතුවෙන් ඉරානයේ මරණ 66 ක් දක්වා ද වැඩි වී ඇත
ජපානය ---------- අද දින ජපානයෙන් තවත් රෝගීන් 18 දෙනෙකු සොයා ගෙන ඇත ..ඒ අනුව මුළු රෝගීන් ගණන 274 දක්වා ඉහළ ගොස් ඇත ..
ජපානයේ වැඩිම රෝගීන් සම්බන්දව තොරතරු පහත පරිදි වාර්තා වේ ...
hokkaido ප්රාන්තයේනි ඒ 77 කි ..ඊට අමතරව TOKYO 39 Aichi 32 kanagawa 30 ලෙසත් chiba 14 wakayama 13 ishikawa 6 kumamoto 3 osaka 5 okinawa 2 nagano 2 ලෙස වාර්තා වී ඇත
ජර්මනිය ---------- යුරෝපයේ පැතිරීම ඇරඹි ඇත ඒ අනුව අදත් ජර්මනියෙන් තවත් රෝගීන් 20 වාර්තා වූ අතර ඒ අනුව මුළු රෝගීන් 150 දක්වා ඉහල ගොස් ඇත ...
නෙදර්ලන්තයෙන් අද රෝගීන් 8 දෙනෙකු සොයා ගැනෙනු අතර එම නිසා නෙදර්ලන්තයේ රෝගීන් 18 ක් වී ඇත
ඊට අමතරව පහත රටවල් වලින් ද අද දින රෝගීන් වාර්තා වේ ..
ස්පාඤ්ඤයෙන් රෝගීන් 36 හමු වී ඇත
බෙල්ජියමෙන් රෝගීන් 6ක් හමු වී ඇත
පෘතුගාලය ------රෝගීන් 2 ප්‍රථම වරට හමු වී ඇත
ඔස්ට්‍රියාවෙන් රෝගියෙකු හමු වී ඇත
ක්රොෂියාවෙන් රෝගියෙකු හමු වී ඇත
ඇමරිකාවෙන් රෝගීන් 13 ක් හමු වී ඇත
තායිලන්තයෙන් ද රෝගියෙකු හමු වී ඇත
ඔස්ට්‍රේලියාවෙන් ද රෝගියෙකු හමු වී ඇත
ඉන්දියාවෙන් රෝගීන් 2කු හමු වී ඇත
ඉන්දුනිසියාවෙන් රෝගීන් 2කු හමු වී ඇත
ඉරාකයෙන් ද අද රෝගීන් 2 හමු වී ඇත
රුසියාවෙන් ද රෝගියෙකු හමු වී ඇත
ජෝසප් ඩයස්
0 comments