මචන් චිත්‍රපටය සහ මචන්ලාගේ ව්‍යාජ හෑන්ඩ්බෝල් කණ්ඩායමේ සත්‍ය සිදුවීම 👉රටට අපකීර්තියක් ගෙන දෙමින් ජර්මනිය අතුරුදහන් වූ මචන්ලා 23 දෙනා ගැන

 
◼️වර්ෂය : 2004
◼️ප්රවෘත්ති වාර්තාකරණය: BBC
◼️ප්රවෘත්ති:
ශ්රී ලංකා අත්පන්දු කණ්ඩායම අතුරුදහන් වේ
ශ්රී ලංකා අත්පන්දු කණ්ඩායම ඔවුන් තම අපිරිසිදු රෙදි ජර්මනියට සෝදන්න කියා පලා ගොස් ඇති බවයි.
ජර්මානු බලධාරීන් පවසන්නේ ශ්රී ලංකාවේ සමස්ත ජාතික අත්පන්දු කණ්ඩායම ජර්මනියෙන් අතුරුදහන් වීම ගැන ඔවුන් ව්යාකූල වී ඇති බවයි.

එවකට මේ ප්රවෘත්ති ලංකාවේ පුවත්පත්වල සහ නාලිකාවල යනකන් ලංකාවේ මිනිසුන් ලංකාවට අත්පන්දු කණ්ඩායමක් තිබුනාද කියලාවත් දන්නේ නෑ. මිනිස්සුනම් කමක් නෑ අඩුම පාලකයින්වත් ඒ ගැන දන්නෑ.
මේ මේ ව්යාජ ක්රීඩා කණඩායම ගැන ප්රවෘත්ති සදහා මෙරට මාධ්ය වෙත යම් වාරනයක් ඇති වන්නේ ඒ හෙයින්ය.

සත්ය කතාව...
මේ සිදුවීම සිදුවන්නෙ 2004 වසරේ.ජර්මනියේ හෑන්ඩ්බෝල් සංගමය අන්තර්ජාලයේ දැන්වීමක් දමනවා. රටවල් අතර විවෘත හෑන්ඩ්බෝල් තරගාවලියකට ඒ දකින මෙරට රැකියා විරහිත තරුණයින් කිහිප දෙනෙක් මේ සදහා ඉල්ලුම් කරන්න තීරණය කරණවා.
එහෙම හිතුමතේට ඉල්ලුම කරාට වීසා හම්බවෙන්නැති නිසා ඔවුන් ප්ලෑන් එකක් ගහනවා ඒකට ඒ අනුව ජර්මනියේ හෑන්ඩ්බෝල් සංගමයට ලිපියක් දාන මොවුන්ට . ඒ ප්ලෑන් එක සාර්තක වනවා.
ශ්රී ලංකාවේ හෑන්ඩ් බෝල් කණ්ඩායමකට ක්රීඩා කිරීමට ජර්මනියට ආරාධනය ලැබෙන්නේ ඉන් පසුවයි.
යන්න කිව්වට මොකද ඔවුන් මේ සදහා කිසිදු සුදුසුකමක් සපුරා නැහැ. කොහොම හරි හෑන්ඩ්බෝල් ක්රීඩාව කිසිම දිනෙක සිදු නොකල මේ සෙට් එක දන්න කියන කිහිප දෙනෙක්ගෙන් අහගෙන හෑන්ඩ්බෝල් කණ්ඩායමක් හදනවා.
හෑන්ඩ්බෝල් ක්රීඩාව කිසි දිනෙක දැකලවත් අහලවත් නැති මේ කොල්ලෝ සෙට් එක පුහුනුවීමුත් කළ බව සදහන්
දන්න කියන අයත් එකතු කරගෙන . හොර සහතික හදාගන්න මේ සෙට් එක ජර්මන් තානාපති කාර්යාලයේ නිලධාරීන් වත් සූක්ෂම ලෙස රවටා කොහොමන් හරි 23දෙනෙකුගෙන් යුතු හෑන්ඩ්බෝල් ක්රීඩා කණ්ඩායමක් මෙරටින් පිටත් වෙනවා.
රටට කීර්තියක් අත්කර දීමේ අරමුන අහලකින්වත් නොතිබුනු මේ කොල්ලෝ සෙට් එකේ අරමුන වෙන්නේ වෙනත් එකක්.
කෙලියා තාප්පෙට කියලා ජර්මානු ජාතික කණ්ඩායම සමග හෑන්ඩ්බෝල් තරගයකද නිරත වනට නේ ශ්රී ලාංකික ව්යාජ හෑන්ඩ්බෝල් ක්රීඩා කණ්ඩායම ට සිද්ධ වෙනවා.
කිසිදිනෙක මෙවන් අත්දැකීමකට මුහුණ නොදුන් මොවුන් මේ සදහා මුහුණ දෙන්නේ වෙනත් අරමුණකින් උවත්, ජර්මන් රටට මේක ලොකු විහිලුවක් වනවා.
තරගයේ දිනුම පැරදුම ගැන වගක්වත් නැති මේ මචන්ලා සෙට් එක අවසානයේ ඔවුන් තමන්ගේ අරමුණ වෙත යනවා.
ඔවුන් මෙම තරගය අවසන් වූ වහාම අත්භූත ලෙස ජර්මනියෙන් අතුරුදහන් වන අතර එය
ලොව මහත් ආන්දෝළනයකට ලක් වනවා.





ඇදි වත පිටින් මොවුන් අතුරුදහන් වන අතර පසුව ආරංචි වන්නේ මේ අය ප්රංශයට පලා ගොස් එරටින් ඉතාලි ගියා කියලාය. ඔහුන් මේ බව කියා ලිපියල් ලියා තබා තමයි පිටවෙන්නේ.
ජර්මන් රජය ඉතා පහත් ලෙස මෙම ප්රවෘත්ති ප්රචාරය කළ අතර, ලාංකික පිරිස නැවතී සිටි කාමරයේ ඔවුන් දමාගිය රෙදි , සපත්තු, ආදිය පවා ජාත්යන්තර මාධ්ය වෙත මුදා හැරියා.
මේ සිදුවීම නිසා ලංකාවට ලොකු කලුපැල්ලමක් එකතු වූ බව අමුතුවෙන් කියඅන්න ඕන නෑනේ.
මචන් චිත්රපටයට පාදක වෙන්නේ මෙන්න මේ සත්ය කතා පුවතයි .
උබර්තෝ පැසොලීනි කියන ඉතාලි ජාතික අධ්යක්ෂවරයා ප්රසන්න විතානගේ මහතාගේ නිෂ්පාදනයෙන් 2008 දි හදනවා සිංහල චිත්රපටයක්. ඒ චිත්රපටයේ නම වෙන්නේ ශ්රී ලාංකික අපිට වඩාත්ම හුරුපුරුදු සහ සමීප වචනයක් වෙන “මචන්”. යන වචනයයි.
ඒ සමීප බව චිත්රපටයේ නමට විතරක් සීමා වෙන්නෙ නෑ. චිත්රපටයේ කතා වස්තුව ඇතුලෙත් අපිට ලාංකික අපේ ජීවිත වල හුරුපුරුදු දේවල් දැනෙන විදිහට සමීප කරවන්න මචන් චිත්රපටයේ අධ්යක්ෂකවරයා සමත් වෙනවා.
සත්ය කතාවේ යම් යම් කරුණු සිනමාරූපීව වෙනස් උවත් අපේ රටට යම් අපකීර්තියකුත් ගෙන දුන් මේ මචන්ලා සෙට් එක ගැන තරහකට වඩා ඇතිවුණේ හාස්යමය අනුකම්පාවක්. පැසොලීන් මචන් වලට කවපු හාස්යමය රසය සහ ඒකෙ මචන්ලාගෙ ජීවිත ඇතුලට කරපු එබී බැලිල්ල නිසා වෙන්න පුලුවන් මචන් බලලා අපිට ඒ සිදුවීම ගැන සන්තෝසෙකින් හිතන්න අවකාශය ලැබුනෙ.
කරේ වැරදි දේ වුනත් මේ චිත්රපටය හරහා අපිට අපේ අසරණ කම ගැන කියා දුන්නේ ලොකු පාඩමක්.
චිත්රපටය වෙනුවෙන් අන්තර්ජාතික වශයෙන් සම්මාන සහ නිර්දේශ ලැබුනාට වඩා බොහෝ අන්තර්ජාතික වශයෙන් ජනප්රිය වූ සිනමාපටයක් වීම ලොකු සතුටක්.
ලාංකික නලුනිලියන් සහ සිංහල භාෂාවෙන් නිපදවූ අන්තර්ජාතිකව බොහෝ ජනප්රිය වූ සිනමාපටයක් වීම ඊටත් වඩා සතුටක්.
රංගනය ගැන කියන්නට අවශ්ම නැත. සුපිරි සෙට් එකක් සිටි බව ඔබට මතක ඇති.
ධර්මප්රිය ඩයස් , මහේන්ද්ර පෙරේරා, ගිහාන් ද චිකේරා, දර්ශන් ධර්මරාජ්, නාමල් ජයසිංහ, සුජීව ප්රියලාල්, රවී කුමාර්, සෞම්ය ලියනාගේ, කුමාර තිරිමාධුර, සරත් කොතලාවල, පුබුදු චතුරංග, දයාදේව එදිරිසිංහ අයිරාංගනී සේරසිංහ,මාලිණී ෆොන්සේකා, හේමසිරි ලියනගේ, චතුරිකා පියරිස්, ජයනී සේනානයක, තිසුරි යුවනිකා, දීපානි සිල්වා, නිනෝ අරලිය, සීතා කුමා ආදී නළු නිළියක් පිරිසක් මෙයට සහභාගී විය ඉතින් සුපිරියක් නොවන්නේ කෙසේද?





====================================
ඔහුන් කළ දේ හරි හෝ වැරදිද කියා මා කියන්න යන්නේ නැත.
සිය පවුලේඅයට හා ආදරණීයන්ට වඩා යහපත් ජීවිතයක් ගත කිරීමට ඔහුන් කිසිවෙකුට සිතාගත නොහැකි සැළසුමක් සකස් කර එය සාර්ථක කර ගත් එල කොල්ලෝ සෙට් එකක් කියලා විතරක් කියන්නම්.
👉 ජර්මනිය විසින් අප රටට අපකීර්තියක් වන අන්දමින් රට විහිලුවකට ලක් කරන්න මෙන් මොවුන් විසින් තරග කළ තරගය අන්තර්ජාලයට මුදා හරිනවා. මේ හේතුවෙන් මේ පිරිස ව්යාජ අයුරින් එලෙස සෙල්ලම් කිරීම නිසා අපේ රට ජාත්යාන්තරයේ විහිලුවකට ලක් වෙනවා. එම වීඩියෝව අන්තර්ජාලයෙන් ඔබට බැලිය හැක.
👉 සත්ය සිදුවීමට සම්භන්ද අය තවමත් විදේශ ගතව සහ මෙරට ජීවත් වන අතර, ඒ නිසා නම් ගම් හෙලි නොකරමි. ඔවුන් ඒ වකවානුවේ විනෝද වන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ ඇත.
👉 ලියවී ඇති කරුණු වලට තවත් දෑ එකතු කිරීමට ඇත්නම් එ වටිනා කරුණු අනිත් අයගේ දැන ගැනීම පිණිස එකතු කරන්න.
👉 සියලු ඡායාරූප අන්තර්ජාලයෙන් ලබාගත් ඒවා වේ.

බොහෝ දෙනාගේ ඉල්ලීම මත ලිපියට අදාල සත්ය ඡායාරූප කිපයක් ඉවත් කළ බව සලකන්න...

#prashan_malith

0 comments