නාමල්ගේ පරීක්ෂණය අවසන්

මූල්‍ය විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව සිදුකරන පරීක්ෂණය මේ වනවිට අවසන් කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නා.

ඒ මෙරට රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සදහා යැයි පවසමින් ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන අවභාවිත කිරීම සම්බන්ධයෙන් වන නඩුව අද කැදවූ අවස්ථාවේදීයි.

විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව එහි උදෘත නීතිපතිවරයා වෙත යවා ඇති අතර, තවමත් ඒ පිළිබද නීතිපති උපදෙස් ලැබී නොමැති බවයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න වෙත දැනුම් දුන්නේ.

0 comments