මිස්ටර් බීන් අන්තර්ජාලයෙන් සමුගනියි

හාස්‍යය රසයෙන් මුළු ලෝකයම තම වසඟයට ගත් රෝවන් ඇට්කින්සන් හෙවත් ‘මිස්ටර් බීන්’ තම  චරිතයෙන් සමුගන්නා බව අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ කර තිබෙනවා.

ඔහු පවසන්නේ ‘මිස්ටර් බීන්’ චරිතය තුලින් තමන් උපරිමයට පැමිණි බවත් දැන් එම චරිතයට සමුදී විශ්‍රාම ගැනීමට කාලය පැමිණ ඇති බවයි.

තමන් මැදිවියේ පසුවීම හේතුවෙන් ‘මිස්ටර් බීන්’ චරිතයට නිසිලෙස නිරුපනය කළ නොහැකි බවද ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් රෝවන් ඇට්කින්සන් සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගේ රසික රසිකාවියන් මහත් කනස්සල්ලකින් පසුවන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

0 comments