සියත FM දසවන සංවත්සරය අදයි..
Voice of Asia Network සියත FM අද සිය අභිමානවත් 10 වන සංවත්සරය සමරයි.2006 වසරේ නොවැම්බර් 06 වන දින 90.9 MHz කොළඹ හා 98.6 කිකිළිමාන ඔස්සේ දිවයිනම ආවරණය කරමින් අැරඹි සියත පසුව 90.9 ඔස්සේ නුවර,107.6 දකුණ හා 98.4 ඔස්සේ රජරට දක්වා ව්‍යාප්ත විය.
2012 නොවැම්බර් මස 01 වන දින සිට 98.2 MHz/98.4 MHz ඔස්සේ
කොළඹ
හන්තාන(inactive)
ගොන්ගල
ගම්මඩුව
කිකිළියාමාන(inactive)
නායබැද්ද(inactive)
ඔස්සේ දිවයිනම ආවරණය කරයි.
2014 වසරේ T20 ලෝක කුසලානයේ නිළ ගුවන්විදුලිය සියත FM විය.
ගුවන්විදුලි ශ්‍රාවකයාට නවතම අත්දැකීමක් එක්කරමින් සියත FM සජීව විකාශය දැන් ඔබට සියත TV ඔස්සේ නැරඹිය හැක.
සියත ඉතිහාසය ඔස්සේ අනාගතයට යන්න මෙවර සියත සංවත්සරික තේමා පාඨයයි.සියත නාලීකා ප්‍රධානී ප්‍රසන්න ජයනෙත්ති,VOA මාධ්‍ය ජාලයේ සභාපති සංගීතා වීරරත්න ඇතුළු සියත කාර්ය මණ්ඩලය වෙත දිගු ගමනක් යෑමට සියත FM වෙත අපගේ සුභ පැතුම් මෙසේ පිරිනමමු!!









0 comments