අද සිට දුම්වැටියක මිල රුපියල් 50යි

අගය මත එකතු කළ බද්ද හෙවත් වැට් බද්ද ක්‍රියාත්මක වීමත් සමඟ අද සිට සියලුම වර්ගවල දුම්වැටිවල මිල ඉහළ යන බව ලංකා දුම්කොළ සමාගම ප්‍රකාශ කළා.

ඒ අනුව අවමය රුපියල් 5 සිට රුපියල් 10 දක්වා ප්‍රමාණයකින් දුම්වැටි වර්ගවල මිල ඉහළ යනු ඇති.

දුම්වැටිවල නිෂ්පාදන බදු ද පසුගිය දා රුපියල් 5කින් ඉහළ නංවනු ලැබුවා.

මේ අනුව වැඩිම පාරිභෝජනයක් සහිත දුම්වැටියක මිල රුපියල් 50ක් වනු ඇති බවයි ලංකා දුම්කොළ සමාගමේ ප්‍රකාශිකාවක සඳහන් කළේ.

0 comments