ෂාරුක්ඛාන් 51 වෙනි උපන් දිනය සමරයි

බොලිවුඩ් ලෝකයේ සුපිරි නළු ෂාරුක් කාන්ගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා.

ඔහු විසින් සමරන්නේ සිය 51 වෙනි උපන්දින සැමරුමයි.

ෂාරුක් කාන් මේ වෙද්දී ඉන්දියානු සිනමාව ආක්‍රමණය කළ දැවැන්ත චරිතයක් වී අවසන්.

ඔහු විසින් මුළු ලෝකයේම ප්‍රේක්ෂකයන් වෙනුවෙන් සුපිරි චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා.

51 වෙනි වියට පා තැබූ ෂාරුක් පුතාලා  දෙන්නකුගේ සහ දියණියකගේ ආදරණීය පියෙක්.

ඔහුගේ උපන් දිනය සඳහා නළු නිළියන් රැසක් සුබ පතා තිබෙනවා.

0 comments