ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මල් පොහොට්ටුව ලකුණින් එයි
මෙහි ලේකම් ලෙස කටයුතු කරනු ඇත්තේ නීතිඥ සාගර කාරියවසම් වන අතර මැතිවරණ ලාංඡනය වන්නේ මල් පොහොට්ටුවයි.
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ නව දේශපාලන පක්ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොවැම්බර් මස 18 වැනිදා නිළ වශයෙන් එළි දැක්වීමට නියමිත බැව් සඳහන්ය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය යෙදෙන නොවැම්බර් මස 18 දින උදෑසන අනුරාධපුරයේදී සුභ මොහොතින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශයට පත්කිරීමට කටයුතු යොදා ඇතැයි පැවසෙයි.









0 comments