'රූපවාහිනී ඩිජිටල්කරණයට 'බලධාරීන් සුදානම් නැහැ'
ශ්‍රී ලංකාවේ රූපවාහිනී වැඩසටහන් වලට ජාත්‍යන්තර වෙළඳපලක් නොතිබීමට හේතුව වන්නේද තාක්ෂණික වශයෙන් ශ්‍රී ලංකාවේ වැඩසටහන්වල පවතින දුර්වල ස්වභාවය බව ඔහු පැවසුවේ BBC ගුවන්විදුලියේ සංදේශය වෙනුවෙන් එස්. එල්. සෙනෙහෙධීර සමග කළ අදහස් දැක්වීමකදීය.
රූපවාහිනී
නාලිකා වල අවශ්‍යතාවන්ට අනුව කටයුතු කිරීම විනා ශාස්ත්‍රීය අධ්‍යයනයන්
තුළින් තාක්ෂණික වශයෙන් සහ අන්තර්ගතය අතින් ඉහළ මට්ටමේ නිෂ්පාදනයක් කිරීමට
අදාළ ප්‍රමිතීන් ඉදිරිපත් කිරීමක් සිදු නොවන බව ඔහුගේ අදහසය.
රූපවාහිනී වැඩසටහන් විකාශනය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බොහෝ රූපවාහිනී නාලිකා සූදානමින් සිටියද ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය රාමුව සැකසීමට අදාළ බලධාරීන් තුළ උනන්දුවක් නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය.

0 comments