CSN අධිකරණයට.

කරුණු දක්වන්න ජනමාධ්‍ය ඇමති ඇතුළු තිදෙනෙකුට නොතීසි..
CSN නාලීකාවේ විනාශන බලපත්‍රය අහෝසී කිරීමට එරෙහිව ගොනු කෙරුණු රීට් පෙත්සමකට අදාලව අභියාචනාධිකරණය හමුවේ ‍මේ මස 16 වන දින කරුණු දක්වන ලෙස ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසකට අද නොතිසී නිකුත් කෙරිණි.ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා,විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද පෙත්සමේ වග උත්තර කරුවන් ලෙස නම්කර තිබේ.
විකාශන බලපත්‍රය අහෝසී කිරීමට එරෙහිව නියෝගයක් නිකුත්කරන මෙන් CSN රූපවාහිනී ආයතනයේ ප්‍රධානී රොහාන් වැලිවිට විසින් මෙම පෙත්සම ගොනුකොට ඇත.
බලපත්‍රයට අදාල කොන්දේසී උල්ලංඝනය කර ඇති බව පවසමින් පසුගිය 25 වන දින CSN නාලිකාවේ බලපත්‍ර අහෝසි කෙරිණි.

0 comments