නෙහාරා අක්කට පස්සේ එයාගෙ විදියට සුදුසු වෙන කෙනෙක් නෑ
මේ ඇය ඇගේ සුජාතා ටෙලිනාට්‍ය පිළිබඳව පුවත්පතකට එක් කල අදහස
සුජාතා ටෙලිනාටය ගැන කතාකරමුද?
සුජාතා කියන්නෙ මගේ දෙවනි ටෙලිනාට්‍යය. රවීන්ද්‍ර විජේරත්න තමයි අධ්‍යක්ෂණය කළේ. සිරස නාලිකාවේ තමයි විකාශය වුණේ. මම දෙරණෙ ඇසිඞ් කියලා නාට්‍යයක් කළා. ඒ නාට්‍යයෙන් පසුව තමයි මට ‘‘සුජාතා’’ චරිතයට කතා කළේ.
‘‘සුජාතා’’ ගැන කතා කළොත්
සුජාතා චරිතය තමයි ප්‍රේක්ෂකයන් මාව හදුනාගත් තැන. ඔවුන් අතරට මට එන්න ලැබුණේ සුජාතා නාට්‍යයෙන් පසුව මට ක්ෂේත්රයේ වැඩ ගොඩක් ලැබුණා. ගොඩක් සතුටුයි. මොකද මම අද යම් තැනක ඉන්නවානම් ඉන්නෙ ඒ සුජාතා හරහා ලැබුණු ආදරය සහ ප්‍රතිචාර නිසා. ඉතින් මම ‘‘සුජාතා’’ ටෙලිනාට්‍යයෙ චරිතයට ගොඩක් ආදරෙයි.
නෙහාරා පීරිස්ගෙන් පසුව නෙ ඔබට මේ චරිතය ලැබෙන්නෙ. ඉතින් වෙනත් කෙනෙක් කරපු චරිතයක් කරන එක ප්‍රශ්නයක් වුණේ නැද්ද?
කිසි ප්‍රශ්නයක් වුණේ නෑ. මම ඒක සතුටින් බාරගත්තා. මොකද මම දන්නවා. මට හැඟුනා මේ තමයි මට එන්න තියෙන තැන කියලා. සහ මේ තමයි මගේ අවස්ථාව කියන දේ. ඉතින් මට ඒ මොහොතෙ කිසිදු බයක් ඇතිවුණේත් නෑ. ඒ චරිතය කරන්න. මොකද ඒ මගෙ ආරම්භය නිසා. වෙනකෙනෙක් කරපු චරිතයක් කරන්න ටිකක් අමාරුයි තමයි. මොකද මෙහිදී නෙහාරා අක්කා මේ චරිතය කළේ එයාගේ ස්ටයිල් එකටනෙ. එතකොට එයා මඟින් නතර කරලා ගිය සුජාතා මට මගේ කරගන්න බෑ. මොකද ඒ චරිතය එයාගෙ කරගෙන තිබුණු නිසා. එතකොට ප්‍රේක්ෂකයෝ සුජාතාව බලාපොරොත්තු වෙන්නෙ නෙහාරාගෙන්. ඉතින් මට පුළුවන් විදියට මම ඒ චරිතය කරගෙන ගියා. නෙහාරා අක්කව හොඳින් අධ්‍යනය කළා. එයා ඒ චරිතෙ කොහොමද කරලා තියෙන්නෙ කියලා.
නෙහාරා පීරිස්ගෙන් පසුව ඒ චරිතයට ෂෙහානිවම තෝරා ගැනීම පිළිබඳව මොකද හිතෙන්නෙ?
ගොඩක් සතුටුයි. මාව ඒ සඳහා තෝරාගැනීම අහම්බයක් වුණත් ඒ කොහොමත් මට එන්න තිබුණු එකක් කියලා හිතෙනවා. මොකද ඒ චරිතෙ නෙහාරා අක්කට පසුව එයාගෙ විදියට සුදුසු වෙන කෙනෙක් නෑ. එයාගෙ පාට. කොණ්ඩෙ උස හැමදේම ගැලපෙන කෙනා තමයි මම. ඒ නිසා මට හිතෙනවා. ඒ චරිතය මට ලැබෙන්නම තිබුණු චරිතයක් කියලා.
සුජාතා චරිතය ඔයාට දැනුණෙ කොහොමද?
හොඳට ඉගෙනගෙන වෛද්‍යවරියක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න වෛද්‍ය ශිෂ්‍යාවක්. ඒ වගේම ඇයට පවුලෙ ප්‍රශ්න බොහොමයකටත් මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් ඒ ප්‍රශ්න විසදගෙන පොඩි ආරවුල් මධ්‍යයේ යන චරිතයක් විටෙක අභිරහස් ලෙස ගලා ගෙන යනවා. ඒ චරිතය හරි ප්රාසාංගිකයි කියලා හිතුණා. මොකද මට ඒ චරිතයෙ කරන්න දේවල් ගොඩක් තිබුණා. බයික් පදින්න, පීනන්න, ඒ වගේ දේවලූත් ඉතින් මම මේ කතාවෙන් මගේ ජිවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සහ අත්වින්දා ඒ ගැන හරි සතුටුයි.
දායකවුණු අනිත් රංගන ශිල්පීන්ගෙන් ලැබුණු සහය කොහොමද?
හොඳ සහයක් ලැබුණා. නාට්‍යය කණ්ඩායමේ හැම දෙනාගෙන්ම. මම මේ ක්ෂේත්රයට අලූත් මගේ දෙවනි නාට්‍යය තමයි සුජාතා. ඉතින් මම රංගනය කියන දේ ගොඩක් දැනගෙන හිටියෙ නෑ. දෙබස් ටිකක් කියන්න විතරයි පුළුවන්කම තිබුණේ ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ මේ නාට්‍යයෙ අධ්යක්ෂවරයා රන්ජන් ප්‍රසන්න ඇතුළු මගේ මවට රඟපෑ සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය. ඒ වගේම මගේ සහය නළුවන් වන මාධව විජේසිංහ, කසුන් යසස් ඇතුළු ඒ හැම දෙනාගෙන්ම ඉතා ඉහළ සහයෝගයක් ලැබුණා. ඉතින් ඒ කණ්ඩායමේ හැම දෙනාගෙන්ම ලැබුණ සහය මත තමයි මේ චරිතය සාර්ථක කර ගන්න හැකිවුණේ.
ෂෙහානිව සහ කතාවෙ සුජාතාව සංසන්දනය කළොත්?
චරිත දෙක වෙනස්. මම වෛද්‍ය ශිෂ්‍යාවක් නෙමෙයි. ඒ දේවල් නැති වුණත් දඟලලා. දුවලා, පැනලා ඉන්න කෙනෙක් තමයි මම ඉතින් මගේ ජීවිතේ සමහර දේවල් ඒ චරිතෙ තියෙනවා.
ෂෙහානිට ආදර ජවනිකාවලට මුහුණ දෙන්න වුණානෙ. ඒ දේවල් කරන්න අපහසු වුණේ නැද්ද? නැත්නම් මීට පෙර අද්දැකීම් තිබුණද?
අයියෝ……. ඒවා කරන්න අද්දැකීම් ඕනෙ නෑනෙ. මට කරන්න පුළුවන්. ඉතින් මම ඇත්තටම සුජාතාද? ඒක රඟපෑමක් විතරනෙ. ඒ නිසා අපහසුවක් නෑ. රංගන ශිල්පිනියක් වුණාම ඒ හැමදේමට මුහුණ දෙන්න වෙනවනෙ.
ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?
ඉතාමත් ඉහළයි. ආදරණීය ප්රේක්ෂකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර නම්. මගේ ඇත්ත නම ඒ කියන්නේ ෂෙහානි කහඳවල කියන කෙනාව කව්රුත් දන්නේ නෑ. හැමෝම තවමත් කතා කරන්නේ සුජාතා කියලා. ඉතින් ඒ ආදරේ හැමදාටම ඒ විදියටම තියෙනවා.
චරිතයට සහ ඔබට ප්රේක්ෂකයො මේ තරම් ආදරය කරයි කියලා හිතුවද?
එහෙම හිතුණෙ නම් නෑ. ඇත්තටම මගේ ඔළුවට මුළින්ම ආවෙ කොහොමද මේ චරිතය කරන්නේ කියන දේ විතරයි. ඉතින් මේ ලැබුණු ප්‍රතිචාර මගෙ ඉදිරි ගමනට ලොකු ශක්තියක් කියලා හිතෙනවා.
ජීවිතයට ලැබුණු වටිනාකම් ගැන කිව්වොත්?
කළින් ටෙලි නාට්‍ය කරලා තිබුණෙ නෑ. ක්ෂේත්රයට ගොඩක් අලූත්. මෙමගින් තමයි මාව හැමෝම දැන ගත්තේ. අපි තැනකට ගිහින් හැසිරෙන්නෙ කොහොමද? කණ්ඩායමක් එක්ක වැඩ කරන විදිය.
හැමදේම ඉගෙන ගත්තා. රංගන ක්ෂේත්රයේ තියෙන නීති රීති සියල්ලක්ම ඉගෙන ගත්තෙ ”සුජාතා” හරහා තමයි. මගෙ ජීවිතේට වටිනා දේවල් ගොඩක් එකතු කර ගන්න හැකි වුණා. මම අදටත් දුක් වෙනවා ඒ නාට්‍යය අවසන් වීම ගැන. ඇත්තටම සුජාතා කියන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය.
0 comments