ශලිනි තාරකා මුස්ලිම්ද? ඇත්ත නැත්ත දැනගන්න

නව පරපුරේ රංගන ශිලිපිනී ශලිනි තාරකා සිය ආගම වෙනස් කල බව කියවෙන ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තරජාලය පුරා දක්නට ලැබෙනවා.

එම ඡායාරූප පිළිබඳව ඇය සිය ෆේස්බුක් පිටුව ඔස්සේ පිළිතුරු ලබා දී තිබෙනවා.

ඇය පවසා ඇත්තේ අදාළ ඡායාරූප සික්කා ටීම් නමැති ටෙලි නාට්‍යක මුස්ලිම් තරුණියකට නිරූපණය කරන චරිතයක ඡායාරූප බවයි.

එමෙන්ම තමන් අදහන ආගම හරියාකරව අදහන කිසිවෙකු තවත් කෙනෙකුට අපහාස නොකරන බවත් කිසිම ධර්මයක එවන් ක්‍රියා දෙවියන් විසින් අනුමත නොකරන බවත් ඇය මෙහිදී පවසා තිබෙනවා.



0 comments