යෝෂිත රාජපක්ෂගේ පෙම්වතිය හා ඇගේ මව රිය අනතුරක
ඔවුන් ගමන් කළ ජීප් රථයට පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු පදවාගෙන ගිය අනෙක් රථය මුහුණට මුහුණලා ගැටී ඇති අතර මෙම අනතුරින් වාහන දෙකටම අලාභ සිදුවුණා.
50 හැවිරිදි පෙත්තහැන්නදිගේ එලීන් ඇවන්ඩා නිලූකා රත්වත්තේ හා දියණියන් දෙදෙනා සුළු තුවා ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබුණ බව සටහන් කර තිබේ. ඔවුන් පසුව සුවය ලබා පිටව ගොස් ඇත.
අනතුර සැලවූ වහාම යෝෂිත රාජපක්ෂ මහතාද එම ස්ථානයට කුඩයක්ද ඉහළාගෙන පැමිණ තිබුණි.
මෙම අනතුර 26 රාත්‍රියේ 11.30 පමණ සිදු වී ඇති අතර කාර් රථය පින්නදූව පිවිසුම පිටවී ගාල්ල දෙසට ගමන් කර ඇති අතර මාතර දෙසින් පැමිණි ජීප් රථයේ පින්නදූව පිවිසුම් මාර්ගයේ ගමන් කරමින් සිටියදී මුහුණට මුහුණලා අනතුරට ලක්වී ඇත. කාර් රථයේ රියදුරු පමණක් ගමන් කර ඇති අතර උපකාරක පන්ති ගුරුවරයෙකුවූ ඔහුටද තුවාල සිදු විය.









0 comments