සාමනේර නමක් සමඟ පවුල් කෑ දෙදරු ‘සුදු හංසි’ට වැඩ වරදියි

වයස අවුරුදු 15ක සාමණේර හිමිනමක් චීවරයෙන්ද මුදාගෙන අඹු සැමියන් ලෙස ජීවත් වූ 35 හැවිරිදි විවාහක දෙදරු මවක් අවිස්සාවේල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගැනුණා.

පසුව බාල වයස්කරුවකු අඹු සැමි ඇසුරකට පොලඹවා ගැනීම, බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීම යන චෝදනා මත අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත සැකකාරිය මුදාහැර තිබෙනවා.

අදාළ කාන්තාව ‘සුදු හංසි’ නමින් මුහුණු පොතේ පෙනී සිටිමින් මෙම සාමණේර හිමිනම සමග සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

අවුරුදු 05 සහ 09 වයස්වල පසුවන දියණියන් දෙදෙනකුගේ මවක් වන ‘සුදු හංසි’ අවිස්සාවේල්ල, උඩුවිල ජනපදය ප්‍රදේශයේ පදිංචිකාරියක් වනවා.

මෙම කාන්තාවගේ සැමියා විදෙස් රටක රැකියාවක සේවය කරන බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ අග කාලයේදී මුහුණු පොතෙන් දඹුල්ල ප්‍රදේශයේ පන්සලක සාමණේර හිමිනමක් හඳුනාගෙන මාසයක් දෙකක් පමණ දුරකතනයෙන් ‍දොඩමළු වූ පසු සාමණේර හිමිව සජීවීව දැක ගැනීමට නොඉවසිල්ලක් ඇතිවූ නිසා පසුගිය වසරේ දෙසැම්බර් 10 වැනි දින තම දියණියන් දෙදෙනාද රැගෙන දඹුල්ල පන්සලට ගොස් තිබෙනවා.

එදින රාත්‍රිය විහාරයේ වන්දනාකරුවන් නවාතැන් ගන්නා ශාලාවක ගත කළ ඇය පසුදින පාන්දර නිවෙස බලා යෑමට සැරසී ඇත්තේ තමන් සමඟ ජීවත් වන්නට පැමිණෙන ලෙස සාමණේර හිමිට ආයාචනා කරමින්.

ඊට පසු දිනම සාමණේර නම දඹුල්ලේ සිට දෙහිඕවිට ප්‍රදේශයේ ‘සුදු හංසි’ගේ කුලී නිවෙසට පැමිණ ඇත්තේ අලුයම 01.00ට පමණයි.

එහිදී ගිහි වෙස් ගත් ඔහුව එදිනම අඹු සැමි ඇසුරකට ඇය විසින් පොලඹවා ඇත්තේ ඒ පිළිබඳ කිසිදු අත්දැකීමක් නොලැබ සිටි ඔහුට සියල්ල පහදා දෙමිනි. එදින සිට මාස 06ක් පමණ ‘සුදු හංසි’ ඔහු සමඟ අඹු සැමියන් ලෙස ජීවත්ව ඇත්තේ ඔහු තමන්ගේ බාල සහෝදරයා ලෙස සමාජයට හඳුන්වා දෙමිනුයි.

එහෙත්, එය එසේ නොවන බව අසල්වැසියන්ට හැඟී ගියෙන් තෙවතාවක්ම කුලී නිවෙස් මාරු කිරීමට ඔවුන්ට සිදුව තිබෙනවා.

හය මාසයක් පමණ ඇය සමඟ ජීවත් වෙද්දී ඇයට තවත් අනියම් සබඳතා ඇති බවත් නිතර නිතර ඇය ජංගම දුරකතනයේම රැඳී සිටීමත් ඉවසා ගත නොහැකි වූ ඔහු අවිස්සාවේල්ල නගරයේ හෝටලයක සේවයට ගොස් වෙනම ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර සීතාවක ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලාවක සේවයට යන ‘සුදු හංසි’ නැවතත් ඔහු හමුවී පවසා ඇත්තේ ඇයට ඔහුව නොදැක සිටීමට නොහැකි බැවින් එම කර්මාන්ත ශාලාවෙම රැකියාවට එන ලෙසයි.

එහි රැකියාවට ගිය ඔහුට ඇයගේ නොමනා හැසිරීම් බලා සිටීමට නොහැකිව සේවය නිම කර කර්මාන්ත ශාලාවේ ප්‍රවාහන බසයෙන් බැස ඇය නිවෙසට යන මඟ රැක සිට ඇයට පහරදී තිබෙනවා.

පහර කෑමෙන් පසුව අවිස්සාවේල්ල පොලිසියට පැමිණි ඇය තමන්ට තමාගේ ස්වාමිපුරුෂයා පහර දුන් බවට පැමිණිලි කිරීමෙන් පසු ඔහු බාල වයස්කාර දරුවෙක් බව පොලිසියට හැඟී ගොස් ප්‍රශ්න කිරීමේදී සිදුවූ සියල්ල හෙළිව තිබෙනවා.

පොලිසිය විසින් අදාළ කාන්තාව අධිකරණයට ඉදිරිපත් කළ පසු ඇප නියම කළ අධිකරණය දෙසැම්බර් මස 06 වැනි දින පරිවාස වාර්තාවක් කැඳවීමට නැවතත් අධිකරණයේ පෙනී සිටින ලෙස චීවරයෙන් මිදී ‘සුදු හංසි’ සමඟ පවුල් කෑමට ආ දරුවාට නියම කර තිබෙනවා.

0 comments