Entertainment – දෙන්නා ලෝකේ දෙපැත්තේ ඉඳන් ලව් කරනවා නම් මෙන්න උපදෙසක්
1. පොලිස් බල්ලෙක් නොවෙන්න
මේ වගේ රටවල් දෙකක ඉඳන් ලව් කරනකොට වෙන්නම පුලුවන් දෙයක් තමයි ඕනෑවට වඩා කතා කරන්න, හොයන්න බලන්න පෙළඹෙන එක. හැබැයි ඒක අනික් කෙනාට කරදරයක් වෙන්න තියෙන ඉඩ හොඳටම වැඩියි. වෙන විදියටකට කියනවා නම්, ලෝන්ග් ඩිස්ටන්ස් රිලේෂන්ශිප් එකක් ගොඩදාගන්න දඟලන එක නිසාම ඒක කැඩිලා යන්න ඉඩ වැඩියි. ඒ හින්දා හොඳම දේ තමයි දෙන්නට දෙන්නාව විශ්වාස කිරීමත්, එකිනෙකාගේ අවකාශය ආක්‍රමණය නොකිරීමත්. හොඳට මතක තියාගන්න. මේක සාමාන්‍ය ආදර සම්බන්ධතාවයකත් වඩා ඉවසීම ඕන කරන සෙල්ලමක්.
2. ටෙක්නොලොජි තියාගෙන ගල් යුගයේ ඉන්න එපා!
දැන් කාලේ ටෙක්නොලොජි ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. උදාහරණයක් විදියට වට්ස් ඇප්, වයිබර් විතරක් නෙවෙයි, ෆේස්බුක් කෝල් පහසුකම් පවා තියෙන අද වගේ කාලෙක ගාණ කපාගෙන වෙන රටක ඉන්න ආදරවන්තයාට/ආදරවන්තියට ෆෝන් කෝල් එකක් දීලා විනාඩි කීපයක් හදිසියෙන් කතා කරලා කෝල් එක කට් කරන එක රාජකීය ගොං වැඩක්. ඒ හින්දා අපි කියන්නේ ලව් එක ගෙනියන්න ටෙක්නොලොජි පාවිච්චි කරන්න කියලා තමයි. හොඳ ඩේටා ප්ලෑන් එකක් තියාගත්තට පස්සේ වට්ස් ඇප්, වයිබර්, ෆේස්බුක්, ස්කයිප් වගේ ඕනම මාධ්‍යයක් පාවිච්චි කරලා බොහොම පහසුවෙන් සම්බන්ධතාවය තියාගන්න පුලුවන්.
3. එකඟතාවයන්ට එන එක වැදගත්
ලෝන්ග් ඩිස්ටන්ස් ලව් එකක් ගෙනියනවා නම් ප්‍රධානතම දෙයක් තමයි දෙන්නා අතරේ පොදු එකඟතාවයන් තියෙන එක. විශේෂයෙන්ම අවුල් යන්න පුලුවන් තැන් ගැන. සරල උදාහරණයකින් පටන් ගන්නවා නං දෙන්නට දෙන්නා කතා බහ කරන වෙලාවන් ගැන අනිවා එකඟතාවයක් තියෙන්න ඕන. මේකට හේතුව දෙන්නා රටවල් දෙකක ඉන්නවා කියන්නේ ටයිම් සෝන්ස් වෙනස් වෙන නිසා. මෙහේ රෑ කියන්නේ එහේ උදේ වෙන්න පුලුවන්. ඒ හින්දා දෙන්නටම පහසු පොදු වෙලාවක් නියම කරගෙන තියන එක වටිනවා කොයි කොයි වෙලාවන්ටද කතා බහ කරන්නෙ කියලා.
තව කාරණයක් තමයි ඇත්තටම තමන්ට ඕන මොනවද කියන එක. ඒ කියන්නේ තමන් දෙන්නා ෂුවර් එකටම මේක ලව් එකක් විදියට ඉදිරියට ගෙනියනවද, එහෙම නැතිනම් මේක ඉස්සරහට යන අතරේ වෙන කෙනෙක් එක්ක වුනත් ජිංකි ජිකා කරන්න පුලුවන්ද වගේ දේවල් අනිවා කතා බහ කරලා එකඟතාවයකට එන්න ඕන දේවල්.
4. හරි හැටි සන්නිවේදනය!
සාමාන්‍යයෙන් දෙන්නා ලඟ පාත ඉන්න ලව් එකකදී කොල්ලා ෆුල් බිසී වෙලා දවස් දෙක තුනක් කතා කරන්න ලැබුනෙ නැත්තං කෙල්ල අනිවා අවුල් යනවනේ. ඒක ගොඩදාගන්න පුලුවන් කොහේ හරි ඩිනර් අවුට් එකකට නැත්තං පිචර් එකක් බලන්න එක්කගෙන ගිහිලා හරි, අඩු ගානේ බලන්න ගිහින් හරි. දැන් දෙන්නා රටවල් දෙකක ඉන්නකොට කොහොමද දොරේ ඒ වගේ ෂේප්මන්ට් දාගන්නේ? අන්න ඒක නිසා තමයි සන්නිවේදනේ එලකිරි වගේ තියාගන්න එක වැදගත් වෙන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. තමන්ට නියම වෙලාවට කතා කරන්න එන්න වෙන්නේ නැතිනං ඒක පොඩ්ඩක් මෙසේජ් එකකින්වත් කියලා තියන එක වටිනවා. අනික් එක තමයි ඔය උදේට ගුඩ් මෝනින්ග්, රෑට ගුඩ් නයිට් මැසේජස් එහෙම. ඒක නිකං දෙවේලට බේත් බොනවා වගේ කියලා අපි කීමට කිව්වත් දෙන්නා මේ වගේ ඈතක ඉඳන් ලවු කරන කොට ඕවා මේවා වැදගත් වෙනවා.
5. ආතල් සන්නිවේදනය!
දැන් හොඳටම තේරෙනවනේ දුරින් ඉඳ ඔබ දෙස බලන්නම් ජාතියේ ලව් එකක් ගොඩදාගන්න තියෙන ප්‍රධානතම සාධකය සන්නිවේදන ක්‍රම කියන එක. ඒ හින්දා පොඩ්ඩක් ඔය සන්නිවේදනේ එක්ක ක්‍රියේටිව් වුනාට අවුලක් නෑ. තමන් වැඩට යන්න ලෑස්ති වෙලා “මම ඔෆිස් යනවා සුදු පැටියෝ” කියනවට වඩා ආතල් ඔෆිස් ඇඳුමෙන් ඉන්න සෙල්ෆියක් අරගෙන කොල්ලට යවන එක. එතකොට නිකම්ම “මම බ්‍රෙක්ෆස්ට් ගන්න කඩේට ආවා සුදූ” කියනවට වඩා පොඩි වොයිස් මෙසේජ් කෑල්ලක් කෙල්ලට යවන්න පුලුවන් නම් ඒකේ අමුතු ලල් එකක් තියෙනවා. වීඩියෝ කෑල්ලක් යවන එක වුනත් එමම තමයි. ඉතිං මෙන්න මේ වගේ පොඩි පොඩි ක්‍රියේටිව් වැඩ කරන්න පුලුවන් නම් දුරස්ථ ආදර අන්දරයක් ගොඩදාගන්න ඒක සෑහෙන්න පිටිවහලක් වෙනවා කියන්න පුලුවන්.
6. ආදරේට ස්පයිස් නැතුව බෑ!
ඔය ස්පයිසි ලව් කියලා අම්මලට තාත්තලට නොතේරෙන බාසාවෙන් කිව්වත් ඇත්තටම මේ කියන්නේ ආදර සම්බන්ධයක් ඇතුලේ තියෙන සෙක්ස් පැත්ත ගැන තමයි. මේක අවුලක් නෑ කසාද බඳිනකල් අතින් අල්ලන්නෙ නෑ කියලා ඉන්න කපල් එකකට. ඇත්තටම ඉතින් එහෙම එවුන් සුජීවගේ පොත් වලවත් නෑ කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඉතින් මේක ලව් හබක් වෙන්න පුලුවන් සෙන්සිටිව් පොයින්ට් එකක්. මේකටත් ඉතින් කියන්න තියෙන්නේ පොඩ්ඩක් ටෙක්නොලොජි පාවිච්චි කරන්න කියලා තමයි. ඕවා මේවා ඉතින් ටියුෂන් දීලා උගන්නන්න ඕන දේවල් නෙවෙයිනේ අහක්වෙලා. ඔය ඩර්ටි ටෝක් එහෙම ඔය වගේ දේකදී බොහොම වැදගත්. හැබැයි තව දෙයක්, මෙතනදී කොච්චර ලව් එක තිබ්බත් කමක් නෑ, තමන්ගේ ප්‍රවේසමත් හිතන්න ඕන. උදාහරණයක් විදියට තමන්ගේ නියුඩ් ෆොටෝ එකක් ලීක් වෙන්න තියෙන ඉඩත් ටෙක්නොලොජි එක්ක සෑහෙන්න වැඩි වෙනවා. ඒ නිසා ඒ ගැන පරිස්සම් වෙන එකත් වැදගත්.
7. එකට කරන්න පුලුවන් දේවල් එකට කරන්න
දෙන්නා රටවල් දෙකක හිටියත් එකට කරන්න පුලුවන් දේවල් තියෙනවා. මේ කියන්නේ “අපි දොය්යමු සුදු අම්මියෝ” කියලා ලැප් එකේ ස්කයිප් ඔන් කරගෙන ඇඳේ එහා පැත්තේ තියාගෙන දෙන්නා නිදාගන්න එකම නෙවෙයි. මේ වගේ සීන් එකක් පොඩ්ඩක් ගොං ආතල් ගතියක් දැනෙනවා තමයි. ඒත් ඉතින් ලව් එක නැගල යන්න ඔය වගේ දෙයක් දෙන්නා කරගත්තත් අපේ මොකෝ!
කොහොම වුනත් මේ කියන්නේ දෙන්නත් එක්ක පොතක් කියවන්න, එකට ෆිල්ම් එකක් බලන්න වගේ දේවල්. උදාහරණයක් විදියට හිතන්න අලුත්ම පිචර් එකක් ඇවිත් කියලා. ඒක දෙන්නට එකම දවසක බලන්න කතා කරගන්න පුලුවන්. එතකොට ෆිල්ම් එක ගැන දෙන්නටම කතා කරන්නත් පුලුවන්. පොතක් පතක් ගැන වුනත් එහෙමම තමයි. ඒ වගේම දෙන්නට ඔන්ලයින් ගේම්ස් ප්ලේ කරන්න එහෙම වෙලාව හොයාගන්න පුලුවන් නං මරු. මොකද ඒකෙන් මේ දෙන්නා දෙපොළක ඉන්නේ කියන ටෙන්ෂන් එක අඩු වෙනවා. අඩු ගානේ සයිබර් අවකාශය හරහා හරි දෙන්නට දෙන්නා ලං වෙලා ඉන්න ඉඩක් පෑදෙනවා.
8. තමන්ගේ ජීවිත බෙදාගන්න
මේක ඕනම ආදර සම්බන්ධතාවයකට වැදගත් දෙයක් වුනත්, රටවල් දෙකක ඉඳන් ලව් කරනවා නං අනිවා කරන්න ඕන දෙයක්. ඒ කියන්නේ එක්කෙනෙක්ට අනික් කෙනාගේ ජීවිතේ වෙන්නේ මොනවද කියලා දැනගෙන ඉන්න අවස්ථාව ලබාදෙන්න ඕන. හවසට ඔෆිස් ඇරිලා ගෙදර එනවද, පාටියකට යනවද, යාලුවෝ එක්ක සෙට් වෙන්න යනවද කියන එක තමන්ගේ පාට්නර්ට දැනගෙන ඉන්නවා කියන්නේ, තමන්ට මුණගැහුනු අලුත් යාලුවෝ කවුද කියලා පාට්නර් දන්නවා කියන්නේ ඔබ මේ ස්ටෙප් එක සාර්ථකව පහු කරලා කියන එක තමයි. හැබැයි මෙතනදී බොරු ආතල් දීලා හරියන්නෙ නෑ. අවංක වෙන්න ඕන. එයා කනකල් මම කන්නෙ නෑ වගේ බොළඳ වැඩ කරන්න ඕන නෑ, හැබැයි එයා අද කෑම කාලද නොකාද නිදාගත්තේ කියන එක දැනගෙන ඉන්න එක වටිනවා. මේක දුරස්ථ ආදරයකට අනිවා තියෙන්න ඕන දෙයක්.
9. කවදාහරි මුණගැහෙයිනේ!
දුරින් ඉඳන් ලව් කරන එකේ හොඳ පැතිත් ඕන තරම් තියෙනවා. රටවල් දෙකක ඉඳන් ලව් කරනකොට ඒකේ ලව් එකේ කූටප්‍රාප්තිය වෙන්නේ දෙන්නා මුණගැහෙන එක කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඇත්තටම මේක සාමාන්‍ය ලව් එකකට නැති වාසියක්. සාමාන්‍ය ලව් එකක දෙන්නෙක් මුණ ගැහෙනකොට තියෙනවාට වඩා ආතල් එකක් රටවල් දෙකක් ඈත ඉඳන් ලව් කරන දෙන්නෙක් මුණගැහෙන කොට තියෙනවා. ඒ වගේම තමයි මුණගැහෙන දවස එනකල් බලාගෙන ඉන්න එකේ තියෙන ආතල් එකත් මෙතනට එකතු වෙනවා. ඒ හින්දා දෙන්නාම ඒ අපේක්ෂාව තියාගෙන ඉන්න එක වැදගත්. ඒ ගැන පොඩ්ඩක් කතා කරන එකත් වැදගත්.
0 comments