Facebook සමාගම කරන්න යන අවධානම් වැඩේ

Facebook සමාජ ජාලයට ඇතුළුවීමට පවතින අවහිරතා මගහැරීම සඳහා විශේෂ මෘදුකාංගයක් නිර්මාණය කිරීමට Facebook සමාගම කටයුතු කරමින් සිටින බව නිව්යෝක් ටයිම්ස් සඟරාව පවසනවා.

එම නව මෘදුකාංගය නිර්මාණය කර තිබෙන්නේ චීනයේ Facebook සමාජ ජාල වෙබ් අඩවියට ඇතුළුවීමට ඇති අවහිරතා අඩු කිරීමටයි.

කෙසේ වෙතත්, අදාළ මෘදුකාංගය සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.

චීන රජය එරට වැසියන්ට Facebook, ට්විටර් ඇතුළු සමාජ ජාලවලට ඇතුළුවීම දැනට අවහිර කර තිබෙනවා.

කෙසේ වුවත්, මෙවැනි මෘදුකාංගයක් නිර්මාණය කිරීමෙන් චීනයේ ස්වෛරීත්වයට බලපෑමක් එල්ල විය හැකි බවයි නිව්යෝක් ටයිම්ස් සඟරාව පෙන්වා දෙන්නේ.

0 comments