Fidel Castro අභාවප්‍රාප්ත වෙයි

කොමියුනිස්ට් විප්ලවයේ ප්‍රධාන පුරුකක් වූ කියුබාවේ හිටපු ජනාධිපති ෆිදෙල් කැස්ත්‍රෝ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ෆිදෙල් කැස්ත්‍රෝ 90 හැවිරිදි වියේ පසුවුණා.

කියුබාවේ දකුණු-නැගෙනහිර Oriente පළාතේ 1926දී උපත ලැබූවා.

ෆිදෙල් කැස්ත්‍රෝ අඩ සියවසකට ආසන්න කාලයක් කියුබාව පාලනය කළ අතර 1959 දී කියුබාවේ කොමියුනිස්ට් විප්ලවය මෙහෙයවනු ලැබුවා.

ධනවාදයට එරෙහිව සමාජවාදය ගොඩනැගීමට විප්ලවයක් කළ ලෝක නායකයෙක් ලෙස ෆිදෙල් කැස්ත්‍රෝ ජනතාවාදී පාලකයෙක්වුණා.

කාල් මාර්කස්, ලෙනින් විසින් ගොඩ නැගු සමාජවාදයේ ගමන් මඟ ඉදිරියට ගෙනගිය විප්ලවවාදියෙක් ලෙස ඔහු ලෝක ඉතිහාසයට එක්වනවා.

ෆිදෙල් කැස්ත්‍රෝ කියුබාවේ ඔහුට පක්ෂපාතී ජනතාව හැඳින්වුයේ කියුබාව නැවත ලබාදුන් මිනිසා ලෙසයි. 


0 comments