මහමඟ මහදවල් ත්‍රීරෝදරථය ගිනි ගනිද්දි දරුවත් අරන් බිමට පැනලා

ඩුප්ලිකේෂන් පාරේදී අද මහ දවල් ගිනි අරන් තියෙනවා.

එය ඇසින් දුටු තරුණියක් සිය ෆේස්බුක් පිටුවෙහි මෙසේ සඳහන් කර තිබුණා.

“ත්‍රීවිල් එකක් බලා ඉද්දි ගිනිගත්තා..පුංචි දරුවත් වඩාගෙන අම්ම ත්‍රීවිල් එකෙන් බිමට පැන්නා.. තාත්තා සෑහෙන උත්සාහයක් දැරුව ගින්න වළකා ගන්න.. ගිනි මද්දහනේ ගිණියම් බවත් එක්කම ටික ටික තමන් සතු මේ රෝද තුන දැවෙන හැටි කෑගසමින් බලා ඉන්නවා හැර ඔහුටත් අපටත් කළ හැකි වෙන යමක් තිබුනේ නැහැ..

එදිනෙදා ජීවිතේ ගැටගහගන්න අපිට මෙවැනි අත්දැකීමකට මුහුණ දෙන එක මොන තරම් නම් අපහසුද? එතනදි අපි කොයි තරම් නම් තනිවෙනවද කියල හිතුන..මා රොමේශ් ඇතුලු බලාසිටි සියල්ලන්ටම ඕනෑ උවත් ඒ වෙනුවෙන් කල හැකි කිසිවක්ම තිබුනේ නැහැ..

එකම දේ ඔබ දැනුවත් වෙන්න..මෙවැනි හදිසි තත්වයකදී මුහුණ දිය යුතු ආකාරය ගැන දැන සිටියා නම් ඔහුට තම ජීවිකාව තවදුරටත් රැකගන්නට තිබුණා.“

0 comments