International - අතුරුදන්වු MH 370 යානය ගැන තවත් රහසක් හෙළි වෙයි

MH 370 යානයේ අතුරුදන්වීම සම්බන්ධයෙන් තවත් තොරතුරක් නිරීක්ෂක කණ්ඩායම් විසින් හෙළිකර තිබෙනවා.

ඒ මෙම යානය බොහෝ දුරට පාලනයකින් තොරව වේගයෙන් ඉන්දියන් සාගර කලාපයට කඩා වැටී ඇති බවයි.

MH 370 යානය සොයා විමර්ශණය කරන කණ්ඩායම් එළිදැක්වු නවතම වාර්තාවකයි මේබව දැක්වෙන්නේ.

චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබාගත් තොරතුරු අනුව එය තහවුරුවන බව ද ඔවුන් සඳහන් කලා.

චීනයේ බෙයිජිං නුවර සිට ක්වාලාලාම්පුර් නුවර දක්වා ගමන් කරමින් තිබියදී 2014 මාර්තු මාසයේදී යානය අතුරුදන්වුයේ මගීන් 239 දෙනෙකු ද සමගයි.

එතැන් සිට මේ දක්වා කෙතරම් පරීක්ෂණ සිදු කෙරුන ද යානයේ බඳ කොටස සොයා ගැනීමට හැකියාවක් ලැබී නැහැ.

එහෙත් යානයේ පියාපත් බවට සැක කෙරෙන කොටස් කිහිපයක් නිරීක්ෂණ කණ්ඩායම්වලට හමුවී තිබුනා.

කෙසේවෙතත් එම හමුවු පියාපත් ද යානයක් ගොඩබස්වන විට පවතින ආකාරයේ නොතිබු බවයි ඔස්ට්‍රේලියා ගමනාගමන ආරක්ෂක කාර්යාංශය ප්‍රකාශකර ඇත්තේ.
 

1 comment: