ඔබාමා යුවලගේ හැලොවින් නර්තනය

ඇමරිකාවේ වාර්ෂිකව පවත්වනු ලබන Halloween උත්සවය මෙවරත් ඇමරිකානුවන් උත්කර්ෂවත් ලෙස සමරනු ලැබුවා.

දින කිහිපයකින් ධුරයන් සමුගැනීමට සුදානම් වන ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඇතුලු ඔබාමා පවුලේ සාමාජිකයන්ද මෙවර Halloween උත්සවය සැමරූ බවට වාර්තා වනවා.

ඔබාමා ධවල මන්දිරයේදී  පැවැත්වූ අවසන් Halloween උත්සවය මෙය වීම විශේෂත්වයක්.

පසුගියදා ධවල මන්දිරයේ සැමරූ මෙම උත්සවයේදී අපුරු සිදුවීමක් සිදුවී තිබෙනවා.

ඒ ඔබාමා යුවල මයිකල් ජැක්සන්ගේ Triller සංගීත වීඩියෝවේ ඇති ආකාරයට පැමිණ සිටි අය සමග එක්ව අපුරු නර්තනයක දීමට උත්සහ කිරීමයි.

මෙම අවස්ථාවට සහභාගී වී සිටි සියලුදෙනා ඔබාමා යුවලගේ එම නර්තනය දැක සතුටු වී ඇති බව සදහන්.

0 comments