international - ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ගැන ෆේස්බුක් හිමිකරුගෙන් ප්‍රකාශයක්

මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජයග්‍රහණය කිරීම සදහා ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියේ පළවූ ව්‍යාජ තොරතුරු ඉවහල් වූ බවට එල්ල වන චෝදනා ෆේස්බුක් නිර්මාතෘ මාක් සකබර්ග් ප්‍රතික්ෂේප කළා.

ඇමරිකානු ජනාධිපතිවරණයට ෆේස්බුක් ඉවහල් වූ බවට සිදුකෙරෙන ප්‍රකාශ විකාරරූපී අදහස් බවයි සකබර්ග් කියා සිටියේ.

ඇමරිකානුවන් බහුතරයක් සිය ප්‍රවෘත්ති මූලාශ්‍ර ලෙස ෆේස්බුක් වෙබ් අඩවිය යොදා ගනු ලබනවා.

කෙසේ නමුත් මේ වසර මුලදී ෆේස්බුක් වෙත චෝදනා එල්ල වූයේ ට්‍රම්ප් විරෝධී පුවත්වලට ප්‍රමුඛත්වයක් ලබාදෙන බව පවසමින්.

0 comments