international – ඇමරිකාවට ප්‍රබල භූ කම්පනයක්

ආර්ජන්ටිනාව සහ චිලී රාජ්‍යයන්ට බලපෑම් කළ ප්‍රබල භූ කම්පනයක් අද අලුයම් කාලයේ සිදුවී තිබෙනවා.

ආර්ජන්ටිනාවේ සෙන් ජුවාන් ප්‍රාන්තයට සහ චිලී දේශයේ ඇටකාමා කාන්තාරය ඇතුළු ප්‍රදේශ ගණනාවකට බලපෑ එම භූ කම්පනය රික්ටර් පරිමාණයේ 6 යි දශම 4 ක ප්‍රබලතාවකින් යුක්ත වන බවයි ඇමරිකානු භූ විද්‍යා ආයතනය ප්‍රකාශ කළේ.

භූ කම්පනයත් සමඟ සැන් ජුවාන් ප්‍රාන්තයේ ජංගම දුරකථන අක්‍රිය වූ බව ආර්ජන්ටිනා බලධාරින් ප්‍රකාශ කළා.

0 comments