Local - GAQ කප්පාදුව ගැන ජනපතිගේ අවධානය

බාහිර උපාධි අපේක්ෂකයන් ලියාපදිංචිය සීමා කිරීම නිසා පැනනැගී ඇති ගැටළු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

ඊට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා, විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන  කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුලූ පිරිසක්  එක්ව සිටියා.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ප්‍රතිපත්තියක් ලෙස අධ්‍යාපනයට ලබාදී ඇති පහසුකම් අහිමි කිරීමට රජය කටයුතු නොකරන බවයි.

බාහිර උපාධි අපේක්ෂකයන් ලියාපදිංචි කිරීම සීමා කිරීම තුළින් උපාධි අපේක්ෂා කරන සිසුන්ට අසාධාරණයක් නොවන පරිදි නව වැඩපිළිවෙලක් ඉදිරි දෙසතිය තුළ සකසන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

0 comments