Local - ඇවන්ගාඩ් තීන්දුව අදයි

ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙම නෞකාව පිළිබඳ තීන්දුවක් ලබාදෙන බව ප්‍රකාශ කළේ පසුගිය 9 වන දායි.
එදින නැව මුදාහැරීමට කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කළ රජයේ නීතීඥවරයා එය මුදාහැරීම පිළිබඳ විරෝධයක් නොමැති බව ප්‍රකාශ කළා.
ඇමරිකානු ඩොලර් ලක්ෂ දෙකක බැඳුම්කරයක් මත එය මුදාහැරිය යුතු බවත්, ඉන්පසු නැව සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග සඳහා අධිකරණයේ අවසරය ලබාගත යුතු බවත් ඔහු එහිදී ඉදිරිපත් කළ කොන්දේසියි.
කෙසේ වෙතත්, වසරකට වැඩි කාලයක් නැංගුරම් ලා තිබූ මෙම නැවේ නඩත්තුව වෙනුවෙන් රුපියල් මිලියන 77 කට වැඩි මුදලක් වැය වී ඇති බව සඳහන් කළ ඇවන්ගාඩ් සමාගමේ නීතීඥවරු ඒ වෙනුවෙන් තවත් විශාල මුදලක් වැය කිරීම ගැටළුසහගත බව ප්‍රකාශ කළා.
ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ වසර 30ක් පැරණි නැවේ සියලු නඩත්තු කටයුතුවලින් සමාගම ඉවත්ව ඇති බැවින් ඊට හානියක් සිදුවී සමුද්‍ර දූෂණයක් සිදුවුවහොත් එහි වගකීම රජය භාරගත යුතු බවයි.
කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරිය මෙම නැව සම්බන්ධයෙන් නියෝගය අද ලබාදෙන බවත්, දැනට අත්අඩංගුවට ගෙන සිටින ඇවන්ගාඩ් නැවේ කපිතාන්වරයා අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් පසුගිය 9 වන දා නියෝග කළා.
0 comments