Local - හිටපු ජනාධිපති චීනයට යයි

දෙසැම්බර් මස 1 වනදා දක්වා චීනයේ රැදී සිටින හිටපු ජනාධිපතිවරයා මේ මස 28 වන දා චීන රජයේ ප්‍රධානීන් හමුවනු ඇති.
චීනයේ ගුආන්ශු, ප්‍රාදේශීය ආණ්ඩුවේ ප්‍රධානීන් සහ ශෙන්ෂිං නාගරික ප්‍රධානීන් සමඟ විශේෂ වැඩසටහන් කිහිපයකට ද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිය සංචාරයේදී එක්වනවා.
ඊට අමතරව ඩෆෝ විහාරස්ථානය, නිදහස් වෙළද කලාප සහ ශෙංෂින් නගරවල ද මොහු සංචාරය කරනු ඇති.
මේ අතර, විදෙස් ආයෝජකයින්ට මහ පරිමාණ වශයෙන් ඉඩම් ලබාදීමට තමන් විරුද්ධ වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
පුවත්පත් කතෘවරුන් සමඟ කොළඹ ඊයේ පැවති හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
0 comments