Local - කථානායකගේ මිය ගිය දියණිය මව්වරුන්ට දුන් ආදර්ශය

කථානායක කරූ ජයසූරියගේ දියණිය, ඉන්දිරා ජයසුරිය පිලිකාවක් හේතුවෙන් මියගියේ ඊයේ දිනයේදීයි.

ඒ එංගලන්තයේ ලන්ඩන් නුවර රෝහලකදියි. මිය යනවිට ඇය දෙදරු මවකි.
ඇය පෙර සිටම පිළිකාවකින් අසනීප වී සිටි අතර එම කාලය තුළයි ගැබ්ගෙන තිබුණේ.

නමුත් ගැබ්ගෙන ඇති කාලය තුළ පිළිකාව සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිවූ නිසා ඇය සාමාන්‍ය ආකාරයට දිවි ගෙවා ඇත්තේ සිය දරුවාගේ ජීවිතය බේරා ගැනීමටයි.

දරුවා ලැබීමෙන් අනතුරුව ඇය විසින් සිය පිළිකා රෝගය සඳහා අදාළ වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වී තිබුණා.
.
එම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට හැකිවූයේ ටික කාලයකි.

ඒ වෙද්දී ඇයගේ රෝගය තව තවත් වැඩිවූ නිසා ජීවන ගමනෙන් සමු ගැනීමට ඇයට සිදුවුණා.
අප මෙම තොරතුරැ හා ඡායාරැප ඔබ වෙත ගෙන ආවේ හුදු එතුමිය මව් පදවිය නම් වු උතුම් පදවිය වෙනුවෙන් දැක්වු අප්‍රතිහත ධෞර්යට උපාහාරයක් ලෙසිනි.

0 comments