Local - ආබාධිත රණවිරුවන් මාරාන්තික උපවාසයක් අරඹයි

සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා විශ්‍රාමික ආබාධිත රණවිරුවන් පිරිසක් කොටුව දුම්රියපළ ඉදිරිපිට ආරම්භ කළ උපවාසය මේ වනවිට මාරාන්තික උපවාසයක් බවට පත්කර තිබෙනවා.

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යූ.ඩී. වසන්ත හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ තම ගැටළුවට විසඳුමක් ලැබෙන තෙක් මෙම මාරාන්තික උපවාසය දියත් කරන බවයි.

 

0 comments