Local - අනියම් ප්‍රේමය ගිනියම් වී තිදෙනෙකුටම දිවි අහිමි කළ හැටි
මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 65 හැවිරිදි ඉඹුලාන - රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් සිත් තැවුලට පත්ව මොහු මෙලෙස සියදිවි හානිකරගන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
මේ අතර විල්ගමුව - යාය 11 - බත්ගම්පල ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ තියුණු ආයුධයකින් පහරදී මවක සහ දියණියක ඝාතනය කර සැමියාට තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ ඝාතනයට ලක්කර ඇති මවගේ වයස අවුරුදු 55 ක් වන අතර දියණිය 21 හැවිරිදි වියේ පසුවනවා.
මෙම ඝාතනය සිදුකර ඇත්තේ මියගිය දියණියගේ අනියම් සැමියා විසින් බවයි පොලීසිය සඳහන් කළේ.
0 comments