Local - ඕමන්තේදී මවක් සිය පුතා සමග ළිදට පනී

ණය මුදලක් පියවා ගැනීමට නොහැකිවීම නිසා මවක් තම දරුවා සමග ළිදට පැන සියදිවි හානිකර ගැනීමේ පුවතක් වව්නියාව -  ඕමන්ත - සින්නකුලම් ප්‍රදේශයෙන් අද වාර්තා වුණා.
පොලිසිය සදහන් කළේ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත අදාළ සිරුරු සොයා ගත් බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි මවක් සහ අවුරුදු දෙකහමාරක් පමණ වයසැති ඇයගේ පුත්‍රයායි.
අදාළ ණය මුදල ඇයගේ සැමියා විසින් ලබාගෙන ඇති අතර, මීට දින කිහිපයකට පමණ පෙර ඒ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අතර ආරවුලක් ද සිදුව තිබෙනවා.
දැනට ඔවුන්ගේ මෘත දේහයන් වව්නියාව රෝහලේ තැන්පත් කර තිබෙනවා.
 
 

0 comments