ජාතීක සංහිදියාවේ නාලිකාව "නේත්‍රා TV" නමින් ඇරඹේ..

ශ්‍රී ලංකාවේ 25% ක් වන ද්‍රවිඩ කතාකරන ජනතාව වෙනුවෙන් ජාතික රූපවාහිනී දමිළ නාලිකාව "නේත්‍රා TV" නමින් අරඹන බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
නාලිකාව දවස පුරා අඛණ්ඩව විකාශය කරයි.
ඒ සඳහා අවශ්‍ය සංඛ්‍යාත ජනාධිපතිවරයා විසින් 2015/02/04 වන දින ලබාදී තිබේ.
අවශ්‍ය උපකරණ මිළදී ගැනීමට රුපියල් මිලියන 180 ක් වෙන්කොට දී තිබේ.
ඒ සඳහා වන ගිවිසුම එළඹෙන ජනවාරී 08 වන දින අත්සන් කිරීමට නියමිතය.

0 comments