ඩෙංගු වසංගතය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක සෞඛ්‍ය සේවකයන්ගේ නිවාඩු අවලංගුයි
සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, යාපනය, රත්නපුර, කුරුණෑගල, පුත්තලම, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලින් මෙම තත්ත්වය වාර්තාවන බවයි.
මේ වනවිට ඩෙංගු රෝගීන් 48 000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී ඇති අතර, ඉන් මරණ 77 ක් සිදුව තිබෙනවා.
මේ පිළිබඳ විශේෂ රැස්වීමක් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, එහිදී වැඩිදුරටත් තීරණය කර ඇත්තේ සෞඛ්‍ය සේවකයන්ගේ නිවාඩු අවලංගු කරන චක්‍රලේඛය අද නිකුත් කිරීමටයි.









0 comments