ලේඩිගගා අවුරුදු19දී ලිංගික හිංසනයට ලක්වෙලා
නිවෙස් නොමැතිව දිවිගෙවන තරුණ පිරිසක් හමුවීමට ගිය අවස්ථාවේදී ඇය තමා පසුවන මෙම මානසික රෝගය සම්බන්ධයෙන් හෙළි කළ බව විදෙස් වාර්තා පවසනවා.
"මා මානසික ආබාධයකින් පෙළෙනවා. මා පසු ආතති තත්ත්වයකින් පෙළෙනවා. මා මීට පෙර මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කියා සිටියේ නැහැ" යැයි සිය සංචාරයෙන් අනතුරුව රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇය පවසා තිබෙනවා.
වයස 19දී ලිංගික හිංසනයකට ලක්වීමෙන් පසුව වසර හතක කාලයක් ඒ පිළිබඳව තමාටම දොස් පවරමින් සිට ඇති ඇය එම සිදුවීම කිසිවෙකු සමග ප්‍රකාශ කර නොමැති බවද සඳහන්.
මස් කුට්ටිවලින් නිර්මාණය කළ අසාමාන්‍ය ඇඳුම් ආයිත්තම්වලින් සැරසෙමින්ද, තවත් අවස්ථාවල අඩ නිරුවතින්ද කලඑළි බසින ලේඩි ගාගා මේ ආකාරයෙන් මානසික රෝගයකින් පීඩා විඳින බව පැවසීමේ විශේෂත්වයක් නොමැති බවද ඇතැම් දෙනා සඳහන් කළා.










0 comments